(සමන් පාලිත නානායක්කාර)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත අද 02 රාත්‍රි බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් බදුලු ඔය රක්ෂිතය ආශ්රිත දෙපස පදිංචිකරුවන් දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .
බදුලු ඔය රක්ෂිතය ඉහළ ජල පෝෂිත ප්‍රදේශවලට පතිත වන අධික වර්ෂාව හේතුවෙන් බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාම ඇතිවී ඇති බැවින් ආරක්ෂිත ස්ථාන කරා යාමට අවශ්‍ය අය ඒ සඳහා සූදානම්ව සිටින ලෙසත් බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් බ දුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල දිය ඇල්ලට නුදුරින් ගස් දෙකක් කඩා වැටී ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර එම අවහිරතා ඉවත් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
බණ්ඩාරවෙල මකුල්ඇල්ල මාර්ගයට මැදපතන ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී අවීර වී ඇති බවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය .
බණ්ඩාරවෙල නායබැද්ද මාර්ගයට පස්කදු කඩා වැටී අවහිර වී ඇති බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd