IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මහර රැඳවියන් 11කට වෙඩි තැබීම අපරාධයක්

(මනෝප්‍රිය ගුණසේකර)

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට අද (26) නියම කළේය.

මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඬපැවැත්වීම සඳහා හෝ මානුෂිය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කලහකාරී අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවාදැයි සැක මතුවන බව ද තීන්දුවේ සඳහන් කළේය.

මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඬපැවැත්වීම සඳහා ඔවුන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවත් ඒ අනුව කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් වුවත් මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහළට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදුවී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බව ද පැවසීය.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමක දී රැඳවියන් 11 දෙනකු මියයෑම සහ තවත් රැඳවියන් විශාල පිරිසකට තුවාල සිදුවීම සම්බන්ධයෙන් කළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා, මියගිය රැඳවියන් 11 දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට මරණ සහතික නිකුත් කිරීමට ද නියම කළේය.

එලෙස මරණ සහතික නිකුත් කිරීමට නියම කරන ලද්දේ මෙම සිද්ධියේ දී මිය ගිය මහර බන්ධනාගාරයේ රඳවා සිටි අමිත් සුභසිංහ, රවිඳු සුලක්‍ෂණ රුද්‍රිගු, සුජිත් කුමාර, ප්‍රගීත් අතුල කුමාර, කාරියවසම් හෙවත් රංග, සම්පත් පුෂ්පකුමාර, භවන්ත මහින්ද, මාලන් ෆෙක්, අවිශ්ක මධුෂාන්, ලහිරු නිමන්ත සහ සුජිත් කුමාර නමැත්තන් සම්බන්ධයෙනි.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධ විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධන පොලිස් පරීක්‍ෂක සුගත් කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (12222) වසන්ත මහතා පෙනී සිටියේය.

පසුගිය ‘කොවිඩ්’ සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් විසින් තමන්ට ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා ‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙසත් ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී බන්ධගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා විරෝධතාවක් කළ බවත්, ඒ අවස්ථාවේ දී ඔවුන් කලහකාරී අන්දමින් හැසිරෙමින් විරෝධතාවයක නියැලී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

එම විරෝධතාව මැඬපැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මුලින්ම ‘කඳුළු ගෑස්’ ප්‍රහාරයක් එල්ල කර ඇති බවටත්, ඉන් අනතුරුව ‘රබර් උණ්ඩ‘ යොදා කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ට වෙඩි තැබූ බවටත්, ඉන් පාලනය නොවූ රැඳවියන් පාලනය කර කැරැල්ල මැඬපැවැත්වීම සඳහා ජීව උණ්ඩ යොදා රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දී ඇති බවත්, ඒ අනුව කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති බවටත් සිද්ධිය සම්බන්ධයෙන් කළ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ දී සාක්කි ඉදිරිපත් විය.

කැරැල්ල අවස්ථාවේ දී මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කිහිප දෙනකු ද මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ දී සාක්කි දී ඇති බවත්, එම සාක්කිවල දී බන්ධනාගාර නිලධාරීන් හතර අතේ වෙඩි තැබූ බවත්, තුවාල ලබා බන්ධනාගාරය තුළ වැටී සිටි බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර ගේට්ටුව දක්වා රැඳවියන් විසින් ඔසවාගෙන ඒමේදී බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට පවා වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් විය.

කොරෝනා සමයේ වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා ඇති අතර, දැඩි සෞඛ්‍ය රැකවරණ මධ්‍යයේ වැලිසර හිටපු මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්‍ෂණය හා මරණකරුවන් හඳුනා ගැනීම සඳහා මහේස්ත්‍රාත් පරීක්‍ෂණය කර ඇත.

මෙම සිද්ධියට අදාළව කළ දීර්ඝ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඬපැවැත්වීම සඳහා හෝ මානුෂිය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි ද මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කලහකාරී අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවාදැයි සැක මතුවන්නේ යැයි ද සඳහන් කළේය.

ඒ අනුව මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයක දී වෙඩි තබා රැඳවියන් 11 දෙනකු ඝාතනය කිරීම අපරාධයක් බවට තීරණය කළ මහේස්ත්‍රත්වරයා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කළේය.



අදහස් (4)

මහර රැඳවියන් 11කට වෙඩි තැබීම අපරාධයක්

Rajeev Thursday, 27 April 2023 12:25 AM

නියමයි හොද තීන්දුවක් බන්ධනාගාර නිළධාරින් රැදැවියන්ට සලකන්නේ තිරිසන් වාගේ බන්ධානාගාර වල මහ ලොකුවට කොටලා තියේනවා (සිරකරැවෝ මනුෂ්‍යයෝ) කියලා හැබැයි උන් සලකන හැටි, මොකද මාත් දවස් 14 ක් හිටියා Accident කේස් එකකට, එ් දවස් 14 මම ජිවතුන් අතර විදපු අපායක්, බන්ධනාගාර නිළධාරින් කරන අපරාධ, මනුෂ්යෙක් ව නිරැවත් කර බැලිමත් ලිංගික අතවරයක් තමයි එ්ම තමයි චෙක් කරන්නේ අමු හෙලුවෙන් බන්ධනාගාර ගත වන අයව, මෙි අත්දැකිම මම ලැබුවෙි (COLOMBO REMAND PRISON) CRP

:       0       13

ලුම්බිණි Thursday, 27 April 2023 04:38 AM

ඉඳල හිටලා නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවල් තියෙන බව පේනවා.

:       0       13

කිරිපුතා Thursday, 27 April 2023 09:50 AM

ඊළඟ සිරකරුවන් ගේ කැරැල්ලක් ආ විට එය මැඩ පැවැත්වීම සඳහා උසාවියට සහ මානව හිමිකම් අයට වගකීමක් ඇතිව බාරදිය යුතුයි

:       16       2

fairoos Thursday, 27 April 2023 12:41 PM

නන්දසේනගෙ තවත් වීර ක්‍රියාවක්..අන්තිමට විරුව තොලොන්චිවෙලාම ගියා

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 397 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 315 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 2809 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2596 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1187 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 3285 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 123 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site