(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව අද(28) ඡන්දය ප්‍රකාශ කරන බව එම සභාවේ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 27 ) පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව සම්බන්ධ
විවාදයේදීය.
ඒ ණය මුදල පාවිච්චි කරන ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන උනන්දුව ගැන සෑහීමට පත් නොවන බවද ඔහු සඳහන් කළේය.
මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙසේද පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූෂණය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකළ යුතුයි. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය අදහාගත නොහැකි දෙයක්.අරමුදල මේ ඩොලර් අපිට ලබා දෙන්නේ ජනතාවගේ යහපත සඳහා. එහෙම නැතුව එක එක්කෙනාගෙ අවශ්‍යතා වලට නොවෙයි. සාක්කු දාගන්න නොවෙයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන අවධානය ගැන අපි සෑහීමට පත්වන්නේ නැහැ. ඒ පිළිබඳව වගකීමක් ඒ අයට බාර වෙනවා. ඒක ඉෂ්ට කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට තවත් අමාරුවේ දමන්න හදන උඹලට අපි චන්දෙ දෙන්නෙත් නැහැ. කාලකන්නි
කියන කියන දේ කරන කොන්දක් නැති පුද්ගලයෙක්.
අන්න ජයරත්න උන්නැහේ දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා තාම නෑනේ කිය කියා.
GL ගෙදර යන්න
මුගේ චන්දෙ මොකටද දෙපත් නයා