(අංජුල මහික වීරරත්න)
කොරියා රැකියා සඳහා වසරකට 6500ක රැකියා කෝටාවක් ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් බඳවා ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුව ද ඊට එකඟතාවය දක්වා ඇත.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවේදී මේ එකඟතාවය පලකර තිබේ.
කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකඟතාවය පලකර තිබේ.
ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතය. එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සදහා අයදුම් කළ යුතුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකගෙ අතට තැරැව් කාරයො හරහා හොද ගානක් එයි, මුන් පගා රජවරු
මේවාට වැඩියෙන් යන්නෙ තරුණ පිරිසක් කියලා හිතෙනවා මුලින් අවුරුදු පහක් අවසන් වෙලා ඇවිත් ආපසු පහකට යනවා .මේක ජාතික හැගීමක් තියෙන දරුවො සිටින මට නම් ජාතියේ පැවැත්ම ගැන ඉතාමත් දුකක් තියෙනවා .නමුත් දරුවො නැති අයට මුදල් ලොකු වෙන්න පුළුවන් රබන් ගහල කැවුම් කිරිබත් කාල සංදර්ශනයක් කලොත් නරකද ඇමතිතුමා
ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා මිස හැම දේකම ඇද කුද හොයන්න එපා.ඕක ජරා පුරුද්දක් ,සමාජයෙන්ම ඔය වගේ අය කොන්වෙනවා ,අද ජේ.වී.පී එකට වෙලා තියෙන්නෙත් ඕකම තමා