ජනපති කතාව ගැන නීතිඥ සංගමය කලබල වන්නේ ඇයි? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනවශ්‍ය කලබගෑනියක් ඇති කරගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය. 01 March 2023
70 සාදු අටේ දැරිය අපයෝජනය කරලා වයස අවුරුදු 8 ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ 70 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 01 March 2023
රේගුවේ හිරවූ භාණ්ඩ ගැන අමාත්‍ය කමිටුවක් පත් කරයි ශ්‍රී ලංකා රේගුවේ දිගු කළත් ගබඩා කර තිබෙන භාණ්ඩ පිළිබඳව පවත්වන විමර්ශන කඩිනම් කිරීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කර තිබේ. 28 February 2023
දෙමටගොඩ වෙළෙඳසලක කිරිපැකට් 1000කට විදලා දෙමටගොඩ නගරයේ ප්‍රසිද්ධ වෙළඳ සැලකින් කිරිපිටි පැකට් දහසකට ආසන්න ප්‍රමාණයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවකයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි. 28 February 2023
ජාඇල පොලිසියේ නතර කර තිබූ ජීප් රියක කුණුහරුප ලියලා ජාඇල පොලිස් භූමියේ නවතා තිබු ජිප් රථයේ තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජිප් රථයට සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 28 February 2023
නෝර්වේජියා සංචාරකයාගේ ගමන් මල්ල උස්සයි මහනුවර සිට බණ්ඩාරවෙල ඇල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත් නෝර්වේජියානු ජාතික සංචාරකයකු සතු ඩ්‍රෝන කැමරාවක් ඇතුළු රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා දේපල සහිත ගමන් බෑගය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයිඇල්ල පොලිසිය පවසයි. 28 February 2023
කුඩුත් එක්ක කොස්තාපල් අත්අඩංගුවට හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පොලිස් කණ්ඩායමක් විසින් අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් අසලදී අද (28) වෙනිදා දහවල් කාලයේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 28 February 2023
ගුවන්තොටේදී අපරාධකරුට පැනයන්න අනුබල දුන් හිමිවරු දෙදෙනාත් රියැදුරාත් රිමාන්ඩ් මනුස්ස ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසියේ රඳවා සිටියදී එම සැකකරුට පලායාමට ආධාර අනුබලදීම, ඒ සම්බන්ධව කුමන්ත්ර ණය කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු හිමිවරුන් දෙදෙනකු සහ මෝටර් රථයේ රියදුරුව ලබන 10 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මීගමුව මහේස්ත්රාිත් (අංක 01 ) චම්පික රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ දී නියම කළේය. 28 February 2023
ලංකාවේ සංවර්ධන වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සඳහන් කළහ. 28 February 2023
තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව විභාගයට වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක් වටිනා චෙක් පතක් නිකුත් කොට වංචා කළ බබවට චෝදනා ලැබ සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඊයේ (28) දින නියම කළේය. 28 February 2023
පාස්කු ප්‍රහාරයේ මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනාට එරෙහි නඩුව විභාගයට කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රතහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවි වරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනාට එරෙහි නඩුව විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (28) තීරණය කළේය. 28 February 2023
සෙවිලි තහඩු ලොරියකින් ඉවත් කරමින් සිටියදී වැටී මරුට අතුරුගිරිය හබරකඩ හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයකට ලොරි රථයකින් ගෙනවිත් තිබූ සෙවිලි තහඩු තොගයක් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් බිමට වැටී අද (28) දා සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි . 28 February 2023
ආණ්ඩුවේ බැංකු හෙට වැඩ ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් ජනාධිපති කාර්යාලයේ දී අවධාරණය කළහ. 28 February 2023
දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති නම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහයෝගය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට(01) දිනයේ සංවිධානය කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. 28 February 2023
කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ලෙඩවී රෝහලේදී මියගිය අමරසිරිගේ දේහය පුත්‍රයාට බාරදෙයි ජාතික ජන බලවේගය පක්ෂය කොළඹදී සංවිධානය කළ විරෝධතාව අතුරතුර කඳු`ථ ගෑස් ප්‍රහාරයකට ලක්ව රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය පන්සවිදාලාගේ නිමල් අමරසිරි යන අයගේ දේහය භූමදානය කිරිම සඳහා ඔහුගේ පුත්‍රයාට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) කොම්පඤ්-ඤවීදිය පොලීසියට නියෝග කළේය. 28 February 2023
කළුතර ට්‍රැක්ටරයක් පෙරැළී සේවකයෝ දෙදෙනෙක් රෝහලේ කළුතර ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයක් කාර්මික දෝෂයකට ලක්ව පෙරලීයාමෙන් එහි සේවකයින් දෙදෙනකු තුවාල ලබා අද රෝහල් ගතකර ඇතැයි සභාවේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය . 28 February 2023
‘‘මේ දුෂ්කර මොහොතේ අප ඔබ සමගයි‘‘‘ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සමීප හවුල්කරුවකු බවත් ශ්‍රී ලංකාව ගෙවමින් සිටින මෙම දුෂ්කර කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. 28 February 2023
ඩබ්ලිව්.පී.සීට පහර දුන් පී.සීට වැඩ වරදි කඩවත පැවැති සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතින් පයින් පහර දී තුවාල සිදු කර ඇගේ ජංගම දුරකථනය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහබාගේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 February 2023
අලි පවුලම වගා ළිඳේ වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වලි අලි හතරදෙනකු බේරා ගැනීමට වවුනියාව වනජිවි නිළධාරීන් විසින් පියවර ගනු ලැබීය. 28 February 2023
වත්තට පැන ලක්ෂ හතක අඹ කඩලා සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 February 2023
රේගුවෙන් කෝටි 23 ක කොකේන් අල්ලයි රුපියල් කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් රෙදිපිළි සමඟ සඟවාගෙන පැමිණි බොලිවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගැනීමට සමත් විය. 28 February 2023
ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ජාතික ක්‍රීඩා සංගම්වලට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය ඊයේ (27) නිකුත් කළ අතුරු නියෝගයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. 28 February 2023
නෞකා තෙල් කාන්දු හොයන්න චන්ද්‍රිකා සහය මෙරට මුහුදු තීරයේ නෞකා මගින් සිදුවන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. 28 February 2023
යාපනය නගරාධිපති යළි විසි වේ යාපනය මහ නගර සභාව සඳහා අභිනවයෙන්පත්වූ නගරාධිපති එමානුවෙල් ආර්නොල්ඩ් මහතා 2023 වර්ෂය සඳහා දෙවනවර සංශෝධන සහිතව මහනගර සභාව වෙත ඉදිරිපත් කළ අයවැය ජන්ද හයකින් පරාජයට පත්වීමත් සමඟ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නගරාධිපතිවරයා නිවේදනය කළේය. 28 February 2023
ගුවන්යානා ඉන්ධන සැපයීමේ වෙළඳපොළ අවස්ථා වැඩි කරයි මෙරටට ගුවන්යානා ඉන්ධන (ජෙට් ඒ 1 ඉන්ධන) සැපයීමේ වෙළඳපල අවස්ථා පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 28 February 2023
පෙබරවාරි මස සංචාරකයන් ලක්ෂය පනී මෙම මස තුළ (පෙබරවාරි) මෙරටට විදේශ සංචාරකයින් ලක්ෂයකට අදික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අදිකාරිය පවසයි. 28 February 2023
‘විවේචනය කරන අය විකල්පය කියන්න‘ වැටුණු රට ගොඩගැනීම සඳහා ජනපති ගෙනයන වැඩපිළිවෙල විවේචනය කරන අය රට ගොඩගැනීමට ඇති වෙනත් විකල්ප මාර්ග පෙන්වාදිය යුතුයි යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 February 2023
න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවන්න යයි න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම සඳහාත්, සූර්ය බලයෙන් බස්රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහාත් වන යෝජනා දෙකකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 28 February 2023
වෛද්‍යවරුන් දෙදහස් පන්සියයක් බඳවාගන්න යයි වෛද්‍යවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි 28 February 2023
රේගුවේ වැඩ කඩිනම් කරන්න කමිටුවක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර ඇත. 28 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026