IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙසක් සැරසිලි මිලත් අහස උසට

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් මේ නිසා වෙසක් සැරසිලි අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇතැයි වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති.

පසුගිය වසරේ රුපියල් 75 ට 80 ට තිබූ සව් කඩදාසි අලවා නොමැති කුඩා ප්‍රමාණය වෙසක් පහන් කූඩුවක් මෙවර රුපියල් 180 දක්වාද සව් කඩදාසි අලවන ලද වෙසක් පහන් කූඩුවක් රුපියල් 300 සිට ඉහලටද විවිධ හැඩයෙන් සහ නිර්මාණයන්ගෙන් යුත් බකට් ලාම්පු රුපියල් 80 සිට 125 දක්වා ද විවිධ මිලගණන් වලට අලෙවි කරන බවද ඔවුහු කියා සිටිති .

මේ ඉකුත් වසරවල රුපියල් 300 සහ 350 මිල ගණන් වලට පැවති විවිධ වර්ණවලින් හා හැඩයෙන් යුත් විදුලි බුබුළු රැහැන් (වැල්) මෙවර රුපියල් 600ත්1500ක් දක්වා මිල වැඩි වී ඇතැයි පවසන වෙළෙන්දෝ විදුලි බිල වැඩි වීම මෙවර විදුලි බුබුළු අලෙවිය පහත වැටීමට බලපා ඇති බවත් කියා සිටී .

මීට අමතරව රුපියල් 5 ත් 10 අතර මිලට තිබූ ඉටි පහනක් (ඉටිපන්දමක් ) රුපියල් 25ක් දක්වා මිල වැඩි වී ඇතැයිද වෙළඳුන් පවසති .

වෙසක් සැරසිලි හා භාණ්ඩ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල මිල ඉකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඉහළ යාමත් , අමුද්‍රව්‍ය හිගයත් ඒවායේ මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි පෙන්වා දෙන වෙළඳුන් මෙවර පිටපළාත්වල වෙසක් සැරසිලි අලෙවිකරණ වෙළඳුන් ගේ අඩුවක් දක්නට තිබෙන බව ද කියා සිටිති .

 



අදහස් (1)

වෙසක් සැරසිලි මිලත් අහස උසට

චන්දන Saturday, 29 April 2023 12:35 PM

නිකං බොරු කතා. මිල වැඩියි කියලා නොගෙන ඉන්නවාද? පහුගිය දවස්වල රතිඤ්ඤා විකිණුනු හැටි ඇඳුම් විකුණපු හැටි දැක්කා නේද?

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site