(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා තුනක සාමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැති වීම හේතුවෙන් කල් යමින් පවතින බව වාර්තාවේ.
සාමාජිකයන් පත් කර ගැනීම නොහැකිව ඇති අනෙක් කොමිෂන් සභා වන්නේ මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසමයි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්වීමෙන් පසුව සියලු ස්වාධීන කොමිෂන් සභා විසිර ගිය අතර ඒවාට නව සාමාජිකයන් පත් කිරීමට නියමිත විය.
නව සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවැරුණු අතර එය ජනපති, අගමැති නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් හා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සමන්විත විය.
එහි සාමාජිකයන් කිහිප දෙනකුගේ කඹ ඇඳීමක් නිසා මෙලෙස ස්වාධීන ආයතන සඳහා සාමාජිකයන් පත් කිරීම කල් යමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබූයේ එම ආයතන පාරදෘෂ්‍ය භාවයෙන් යුතුව කටයුතු කිරීම වෙනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසම් සභා පත්කිරීම ප්‍රමාද වෙනවිට සිදුවන්නේ දේශපාලුවන්ගේ බලාපොරොත්තුව සාර්ථක වීම පමණයි. කොමිසම් සභා පත්කිරීමට විරුද්ධව සිටින සියලු දෙනාම සාර්ථක පාලකයෝ වෙන්න බැහැ. බුදුහාමුදුරුවෝ දේශනාකලේ අප්පමාදෝ අමතපදං.. පමාදෝ මච්චුනෝ පදං කියලා තමයි. ඉතින් දේශපාලුවන් පමාකරනවා කියන්නේ රටේ පරිහානියට හේතුවක් තමයි.
ප්‍රසම්පාදන කොමිසම පත්කිරීමට මොකද වුනේ... ?
නියම උප්පරවැට්ටි. ලෝකයා රවට්ටන්න කොමිෂන් සභා දැම්මා. දැන් කියන්නේ එකඟතාවක් නැහැ කියලා. ඔය කිසිම කොමිසමක් වැඩක් නැහැ. දේශපාලකයාට ඕනෑ හැටියට ඔක්කොම... පොලිස් කොමිසම දැක්කා නේද? රූකඩ වගේ...