(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් සියයට 33 කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා ) තොරතුරු අනාවරණයවී ඇත.
මෙයට අමතරව ඊට සමාන පවුල් ප්‍රමාණයකට සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු වුවද ඒ ප්‍රතිලාභය මෙතෙක් හිමිවී නොමැති බව කෝපා කමිටුව පවසයි.
මුළු දිවයිනම ආවරණය වන පරිදි 2015 සිට 2017 දක්වා කරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත. සංඛ්‍යාත්මකව පවුල් 449,979 ක් සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් කළ යුතු බව එම කමිටුවේ දී සඳහන්විය.
සමෘද්ධිලාභීන් තෝරාගැනීම් කිරීමේදී අවිධිමත් ස්වභාවයක් නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (25)වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයින්ට හැර අනිත් ඕනෑම කෙනෙකුට සමෘධි සහනාධාරය ගන්න අවස්ථාව තියෙනවා. කඩවල්, ලොරි, බස් තියෙන සමහර බිස්නස් කාරයොත් සමෘධි ගන්නවා.
අනිවාර්යයෙන්ම, මයිනලාට ආවඩන අයගේ පක්ෂයේ අයට මේ ප්‍රතිලාභ හොරට අනුමත කරලා ඇති. ඒ ගමන්ම බලන්න සුනාමි හොරාත් සමෘධි ප්‍රතිලාභ හොරට අරගෙනද කියලා. මොකද මයිනලාගේ පවුල්වලට ගෑවුණු හැම කෙනාම අහුවුණු දේ හොරාකනවා.
මේ රටේ වැඩි හරියක් සමෘධිය ගන්නේ යමක් කමක් තියෙන අය. අහිංසක අයට දෙන්නේ නැහැ. දේශපාලන බලවතාගේ හෙන්චයියන්ට...
සමහරක් එවුන්ට නගරයේ කුලියට දුන්නු කඩ තියෙනවා. ඒවායේ අයිතිය තියෙන්නේ එකෙකුගේ නමට, විදුලිය බිල් තියෙන්නේ තවත් එකෙකුට කඩේ කරන්නෙ තවත් කෙනෙක්... ඉතින් නිවැරැදි අයිතිය කාටද සොයන්න බැහැ. ඒ වගේම විවිධ පැතිවලට අයත් වාහන අයිතිය මාරු නොකර පාවිච්චියට ගන්නවා. නැත්නම් කුලියට ගත් නිවසේ ලිපිනයට ලියාපදිංචි කර ආදායම් සඟවා සමෘධි ආධාර ගන්නවා. විධිමත් සංගණනයක් මගින් රටම පරීක්ෂාකර නියම තත්වය සොයන්න ඕනෑ..
සමෘද්ධිය අහෝසිකළ යුතුයි. පුද්ගලික වැඩකරන හෝ ආයෝජනය කරන ජනයාගේ ආදායමෙන් බදුගහලා නිකමුන්ට දීම සාධාරණී කරණය කිරීමට පුළුවන්ද...?