(සුජිත් හේවාජුලිගේ )
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම වැදගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්නේය.
එවැනි කාරක සභාවක් පත් කිරීමෙන් සිද්ධියේ සුලමුල සියල්ල අනාවරණය කරගත හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙයට අමතරව නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ද එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.
මේ අතර එම අල්ලස් ගත්තැයි සඳහන් පුද්ගලයා පිළිබඳවත් ඔහුගේ ලිපිනය ගිණුම් අංකය ඇතුළු තොරතුරු පිළිබඳවත් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය 25 වැනිදා තොරතුරු අනාවරණය කළේය.
එසේම එක්ස්ප්‍රස් පර්ල් අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි යොමු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පේන ඇහුවොත් නරකද? නියම ප්‍රතිඵල
පිට අයට ඔය නඩුවට බලපෑම් කරන්න බැහැනේ, පගාව ගත්තු අය ඉන්න ඕනේ ඔය නඩුවට සම්බන්ධ නීතිපති දෙපාර්තුමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යංශයේ ඉහළ තනතුරක...
හොරකම වහන්න ඕනෑවුණාම තමයි ඔහොම පිහිට වෙන්නේ... අපි ඒක පසුගිය අවුරුදු 20 තුළම දැක්කා...!
බලං හිටපල්ලා අල්ලනකං. ඔය හදන්නේ තව දෙතුන් දෙනකුට ගත මනාවක් ගන්න.
මෙයාලා රෙදි අරගෙන, මහලා, ඇඳුම් ඇඳගෙන ලකලෑස්ති වෙනකොට ඒ හොරකම කරපු මනුස්සයා රටින් පණියි.
මේ උතුම් හෙළදිවේ තරම් යුක්තිය ඉටුවන වෙනත් අපායක් නොමැත.
මේ අයගේ කමිටු, යකෝ ඕවා අහලා දැකලා අපිට එපාවෙලා...!
ඔය කාරක සභාවේ ඉන්න අපතයින්ට ඩොලර් 500 ගානේ දුන්නත් ඒ අය ඒක දිවෙන් ගනී...