
(තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)
අලුත්ගම දර්ගානගරය විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
සැකකරුවන් අදාළ වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබු අතර අලුත්ගම දර්ගා නගරයෙන් වාර්තා වූ මෙම සිද්දිය පිළිබඳ අලුත්ගම පොලීසිය මගින් ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
අලුත්ගම දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක කූඩුවක් කඩා මෙම පරවියන් සොරකම් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුන්ටත් වඩා අන්තයි. ඔවුන්ට දඬුවම් කරන්න.
කුකුල් මස් කන්නේ, තාර මස් කන්නේ... විකාරද?