(තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)
අලුත්ගම දර්ගානගරය විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
සැකකරුවන් අදාළ වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබු අතර අලුත්ගම දර්ගා නගරයෙන් වාර්තා වූ මෙම සිද්දිය පිළිබඳ අලුත්ගම පොලීසිය මගින් ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
අලුත්ගම දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක කූඩුවක් කඩා මෙම පරවියන් සොරකම් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයන්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පරවියන් සොරගෙන මරා මස් කා අන්තර් ජාලයටත් දාලා
dam Saturday, 29 April 2023 09:53 PM
සත්තුන්ටත් වඩා අන්තයි. ඔවුන්ට දඬුවම් කරන්න.
prasanna Sunday, 30 April 2023 11:47 AM
කුකුල් මස් කන්නේ, තාර මස් කන්නේ... විකාරද?