ඉන්දියානු සිනමාව පිළිබඳ වැඩමුළුවක් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා සහභාගී විය.
නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර කන්නඩ සිනමාවේ අධ්‍යක්ෂකවරයකු, නළුවකු, තිර රචකයකු සහ ගීත රචකයකු වන ආචාර්ය නාගතිහල්ලි චන්ද්‍රශේකරන් ප්‍රමුඛ දූත පිරිස සහභාගී වූහ.
නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදි අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.
“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන මොහොතක, අප මෙම වැඩමුළුව පැවැත්වීම ඇත්තෙන්ම කාලෝචිතයි.
මෙම වැඩමුළුව ජනතාව සමඟ ඇති බැඳීම් ගැඹුරු කිරීමට වඩාත් දායක වනු ඇතැයි ද එසේ වේවා කියා ප්‍රාර්ථනා කළේය.
සෑම වසරකම, ඉන්දියාවේ චිත්‍රපට 2000කට වඩා නිෂ්පාදනය වෙනවා. 2011 වසරේ අලෙවි වූ මුළු සිනමා ප්‍රවේශපත්‍ර ප්‍රමාණය බිලියන 3.5 කි.
ඉන්දීය සිනමාවේ ඉතිහාසය වසර 100කට වඩා පැරණිය. පුරෝගාමී චිත්‍රපට නිෂ්පාදකයා වූයේ ඉන්දීය සිනමාවේ පියා ලෙස හැඳින්වෙන දඩසාහෙබ් ෆාල්කේ විසිනි. 1913 මැයි 3 වැනි දින රාජා හරිශ්චන්ද්‍ර නමින් ප්‍රථම පූර්ණ දිග නිහඬ චිත්‍රපටය ඉන්දියාවට ලබා දුන්නේය. මෙම දිගු ගමන හරහා ඉන්දියානු සිනමාව ඉන්දියානු සමාජය පොහොසත් කර ඇත.
චිත්‍රපට ජාතිකවාදය, කාන්තා හා ළමා අයිතිවාසිකම්, කුලය, ආගම, පන්තිය සහ ඒ හා සමාන ප්‍රශ්න විසඳා ඇතැයි ඔහු පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දීය සිනමාව ගැන වැඩමුළුවක්