(අංජුල මහික වීරරත්න)
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටව සකස් කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ත්‍රිරෝද රථ හිමියන්ගේ විවිධ අකටයුතුකම් නිසා පීඩාවට පත්වන බවටත් යම් පිරිසක් ඔවුන්ගේ දේපොළ සොරකම් කරන බවටත් සංචාරක හෝටල් හිමියන් පිරිසක් විසින් කළ දැනුම්දීමකට අනුව සාගල රත්නායක මහතා මෙම උපදෙස් දී තිබේ.
ඉකුත් සතියේ මහා පරිමාණ සංචාරක හෝටල් හිමියන් සේම කුඩා හෝටල් හිමියන් ද ඇතුළුව පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මුණ ගැසී මේ කරුණු පැමිණිලි කර තිබිණි.
එහිදී හෝටල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර මේ වන විට රටෙි ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැතත් විමසිල්ලෙන් සිටීම සුදුසු බව සාගල රත්නායක මහතා පෙන්වා දී තිබේ.
එසේම හෝටල්වල පිහිටීම පිළිබඳ දළ සැලැස්මක් ආරක්ෂක අංශ සතුව තිබිය යුතු බව ද මෙහිදී රත්නායක මහතා අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැල් දාලා මේවා නවත්තන්න බැරිබව රජයට අවබෝධ නොවීම අපගේම අවාසනාවයි. ජනතාවගේ ආර්ථිකය නැංවූ විට මේ ප්‍රශ්න ඉබේම නිරාකරනය වනු ඇත. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට රජය යුහුසුලු විය යුතුයි. එසේ නොමැතිව මෙවැනි පැලැස්තර දැමීමෙන් කාලයත්, මුදලත් නාස්ති වේ.