
(අංජුල මහික වීරරත්න)
ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරීම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් කළ නොහැකි බවත් පරිසරය දූෂණය කිරීමට වඩාත්ම වගකිව යුතු සංවර්ධිත රටවල් අරමුදල් සැපයීම හරහා ඊට දායකවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස සඳහා මුහුණ දීමට අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීමට ශ්‍රී ලංකාව මූලිකත්වය ගෙන කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහතික විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවති 2021- 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ "ජනාධිපති පරිසර සම්මාන 2021-2022" උළෙලේදී කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති සහ ආයතන, ජනමාධ්‍ය හා සමාජ යන ප්‍රධාන අංශ යටතේ 90 දෙනකු වෙත රන්, රිදී, ලෝකඩ කුසලාන හා සම්මාන පිරිනැමිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන් සම්මාන ප්‍රදානය කරනු ලැබූ අතර පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු ඵලකයක් පිළිගන්වනු ලැබීය.
සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන් සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක්කෙනෙක්ටවත් වඩා රන් සම්මානයක් දිය යුතු වන්නේ දේවානි ජයතිලක මහත්මියටයි.
සජබ ආසන සංවිධායක නයනක රුවන්වැල්ලට (පරිසරවේදියකු කියන) මොකුත් නැද්ද?
මෙතන ඉන්නේ රනිල්ගේ බත්බැලයින් වගයක් මිසක් පරිසරයට ආදරේ අය නොවෙයි. ඔය සම්මාන ගිහින් ගහගනිල්ලා...