පුරන් කුඹුරු වවන්න මිලියන 430ක් ඉදිරි මහ කන්නයේ දී මෙරට පුරන් කුඹුරු යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 February 2023
නාගරික සංවර්ධන අධිකාරියට ප්‍රමිති සහතිකයක් රාජ්‍ය ආයතන පිළිබදව ජනතාවගේ විශ්වාසය කඩ වී ඇත්තේ ඇතැම් දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ ම වැරදි නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 28 February 2023
දිස්ත්‍රික්ක හතරකට පිලිකා රෝහල් යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පිලිකා රෝහල් හතරක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 28 February 2023
අම්බලන්ගොඩත් වෙඩි තැබීමකින් අයෙක් මරුට අම්බලන්ගොඩ පොනදූව ඉඩම්තොට දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 28 February 2023
තම්බපවනී බලාගාරයේ තඹ කම්බිවලට විදලා තලේමන්නාරම තම්බපවනි සුළං විදුලි බලාගාර ගබඩාවෙන් රුපියල් ලක්ෂ 19 ට අධික වටිනා තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලේමන්නාරම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 28 February 2023
හොර අංක ගැසූ වාහනයක් වැල්ලම්පිටියෙන් අල්ලයි ව්‍යාජ අංක තහඩුවක් සවිකළ මෝටර් රථයක් වැල්ලම්පිටිය නිවසකින් සොයාගත් බව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 28 February 2023
වැස්ස වැඩිවෙයි දිවයින පුරා පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (28) දිනයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 February 2023
ටෙලිකොම් සේවකයා විදුලිසැර වැදී මරුට මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේදී ටෙලිකොම් සේවකයකුට විදුලිසැර වැදී මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි. 28 February 2023
පින්වත්තේ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙක් මරුට පානදුර , පිංවත්ත ටි ඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පින්වත්ත පොලිසිය පවසයි. 28 February 2023
බෙන්තර ගඟට පැන්න මවගේ දිවි බේරු බොට්ටුකරු කතා කරයි මම පාළම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් හිටියා. අම්මේ අම්මේ කියල පොඩි දරුවෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුනා. ගඟ දිහා බලනකොට කාන්තාවක් ගඟට වැටිලා ගසාගෙන යනවා. මම කැම එක පැත්තකට විසිකරල ගඟට පැන්නා යැයි බේරුවල පාදාගොඩ පදිංචි චතුරංග සදරුවන් මහතා පැවසීය . 27 February 2023
ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක් අත්‍යවශ්‍ය සේවා රැසක් අලුතින් අර්ථ දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබේ. 27 February 2023
නුපුහුණු හෙදියට සී.අයි ගෙන් පාඩමක් බසයක ගමන්ගත් තරුණියකගේ පපු පෙදෙස අත ගෑ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය සදහන් කරයි. 27 February 2023
රුසියන් යුවළගේ ලැප්ටොප් උස්සලා මාතර බලා ධාවනයවූ සීඝ්රහගාමී දුම්රියේ ගමන් ගත් රුසියන් ජාතික යුවළකගේ ලැප්ටොප් පරිඝනක දෙකක් අඩංගු ගමන් මලු දෙක සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසියේ පොලිසිය පවසයි. 27 February 2023
ඇත් දළ සොයා ගිය ලොකුගේ හිස් අතින් එයි සැකකරුවකු සමග පොලිස් බාරයට ගත් විශාල ඇත් දළ යුගළය තමාගේ නිවෙසින් අතුරුදහන් වූ ඇත් දළ යුගලය නොවන බවට හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා අද තහවුරු කර ගත්තේය. 27 February 2023
අලියට තැබූ වෙඩිල්ල කතකට වදියි අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ (26) පස්වරුවේ වල් අලියකුට තැබූ වෙඩි ප්‍රහාරයක් කාන්තාවකට වැදී ඇය බරපතල තුවාල ලබා පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. 27 February 2023
ජාජබ කළේ නීති විරෝධී වැඩක් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත් , ජාතික ජනබලවේගයේ පෙළාපාලිය පොලිස් නවතා දැමුවද ඔවුන් පැවැත් වු ජනහමුවට කිසිදු බාධායක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 27 February 2023
වල් අලියා රුසියන් යුවළ ඇපයට ගනී රුසියානු සංචාරක යුවළක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ වල් අලියකුගේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ ඔවුන් පසු පස එලවා ඔවුන් ගමන් ගත් වාහනය අසල පැය කීපයක් රැකගෙන සිටිද්දී මින්නේරිය පොලිසියන් පැමිණ වල් අලියා එළවා දමා මෝටර් රථය බේරා දුන් පුවතක් මින්නේරිය පොලිසියෙන් වාර්තා වේ. 27 February 2023
ස්විස්ටර්ලන්තයට ගිය සුභාෂිනී වැඩ ඇරඹීමට පෙර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා නව තානාපතිනී හිමාලි සුභාෂිනි අරුණතිලක මහත්මිය සිය රාජකාරි ඇරඹීමට පෙර ජිනීවා හි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ තෙරුවන් නැමැද මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත් අවස්ථාව 27 February 2023
පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Muhammad Amjad Khan Niazi) මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත විය. 27 February 2023
සිංහයෙක් හෝ හිවලෙක් ලෙස මූල්‍ය අරමුදලට ගිහින් වැඩක් නෑ කේසර සිංහයෝ වගේ හෝ හිවලෙක් වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාට වැඩක් වෙන්නෙත් නැතැයි ද වැදගත්කම තිබෙන්නේ ජාත්‍යන්තරව ගොඩනගා ගත් සම්බන්ධතා ජාලයේ ශක්තිමත් භාවය මත යැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 27 February 2023
වසන්ත ඇතුළු සරසවි සිසුන් 62කට ඇප තාවකාලිකව වසා දැමුණු පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය විවෘත කරන්නැයි ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය නිල කාමරය වැටලූ එම සරසවියේ ශිෂ්‍ය භික්ෂු සිසුන් 62 දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණි විජේබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය. 27 February 2023
පිහි පහර කෑ සරසවි සිසුවිය මැරුණේ අධික රුධිර වහනයෙන් කොළඹ තුරඟ තරග පිටියේදී පිහි ඇණුමකින් ඝාතනය වූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය චතුරිකා හංසිනි යන අයගේ මරණය ගෙල ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් අධික රුධිර වහනයෙන් සිදුවූ මරණයක් බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (27) තීරණය කළේය. 27 February 2023
එළවලු මිළ පහළට වෙළඳපොලේ එළවලු වල මිල ගණන් මේ වනවිට සීඝ්රයෙන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 27 February 2023
පොලිසියේ ප්‍රහාරය ගැන පොලිසියෙන් වාර්තාවක් ඉල්ලයි කොළඹ යුනියන් පෙදෙසේ උද්ඝෝෂණයේ යෙදී සිටි උද්ඝෝෂණකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පැය විසිහතරක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත. 27 February 2023
ජාජබ විරෝධයේදී තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිස එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද පෙරවරුවේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 27 February 2023
අභියාචනාධිකරණයෙන් ක්‍රීඩා ඇමැතිට අතුරු නියෝගයක් ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි මාලාව ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 27 February 2023
නගර නිවාස වල පහසුකම් වැඩි කරයි කොළඹ නගරයේ නාගරික මහල් නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට තීරණය කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ. 27 February 2023
මැතිවරණ කොමිසමේ ලිපිය ගැන හෙට මැතිසබේ සාකච්ඡාවක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීමට මැදිහත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව යොමුකළ ලිපිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ නිදහසේ ජනතා සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. 27 February 2023
කටුනායක පොලිසියේදී පාතාල වෙඩික්කරු බේරාගත් හිමිවරු මාට්ටු කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරු මුදාගෙන රැගෙන ගිය බව කියන හිමිවරුන් දෙදෙනා හා මෝටර් රථ රියදුරු හෙට්ටිපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය කියයි. 27 February 2023
අයි.එෆ්.සී මුදල් හුවමාරු ක්‍රමයට ඩොලර් මිලියන 400ක් දෙයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් මුදල් හුවමාරු පහසුකම යටතේ ලබා දීමට තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 27 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026