IMG-LOGO

රිලවුන්ගේ රට යන වරම ඉක්මන් වෙි

(අංජුල මහික වීරරත්න)

රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

චීනයේ සත්වෝද්‍යාන  සඳහා ශ්‍රී ලංකාවෙන් රිලවුන් ගෙන යාමට චීනය පාර්ශවයෙන් ලබාගත් අනුමැතිය සහිත ලේඛන සියල්ල අදාල සමාගම විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාරදී ඇතැයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

චීනයට රිලවුන් ගෙන යාම සම්බන්ධයෙන් චීන සමාගමකින් ලැබුණු ඉල්ලීම  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු පත් කරන කැබිනට් අනුකමිටුවේ නිර්දේශ මත මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දීමට නියමිතය.

මුලින් රිලවුන් පන්සියයක් ලබාදෙන්නැයි අදාල චීන සමාගම ඉල්ලා තිබූ බවත් චීන පාර්ශවයේ අනුමැතිය ලැබීමෙන් පසු මුලින්ම රිලවුන් 1500ක් ලබා දෙන ලෙස අදාල සමාගම දැනුම් දුන් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය  සඳහන් කරයි.

පසුව පියවරෙන් පියවර රිලවුන් ලක්ෂයක් පමණ එම සමාගම විසින් ඉල්ලුම් කර තිබේ.

රිලවුන් අාරක්ෂිතව අල්ලා ගැනීම ඇතුළු සියලු වියහියදම් චීන සමාගම විසින් දරන බවත් මෙම රිලව් චීනයට ලබා දෙන්නේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව නොමිලයේ බවත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරට රිලවුන්  ලක්ෂ 30ක් පමණ සිටින බවට සංගණනය  කර ඇති අතර වගා හානි කරන සතුන් අතර රිලවා ප්‍රමුඛ ස්ථානයක සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශය  පවසයි.



අදහස් (14)

රිලවුන්ගේ රට යන වරම ඉක්මන් වෙි

සමන්මලී Thursday, 27 April 2023 10:50 PM

මේ වැඩේට විරුද්ද වෙන අය ඔක්කොම එකතු කරලා පන්සියයක් හදාගත්තොත් තව බැච් එකකට හරි. අර පාහියන්ගල එක්කෙනත් අල්ලා ගන්න පීස්.

:       6       14

සත්‍ය ගවේෂී.Saturday, 29 April 2023 07:43 AM

සමන්මලී බොහොම හොඳ ධාර්මික සිතුවිලිවලින් සමන්විත මෛත්‍රී සහගත බෞද්ධ කාන්තාවක් බව පෙනී යනවා. ඒ වගේම, සත්ව කරුණාව ඇති පාරිසරික දැනුමෙන් හෙබි කෙනෙකු බවද පේනවා. ඒ නිසා මේ යවන රිළවුන් සමග ඇයවත් චීනෙටම යැව්වා නම් බොහොම අගෙයි.

:       0       2

asanka Thursday, 27 April 2023 11:15 PM

සල්ලි මිටි ගණන්

:       2       9

Rila Amare Thursday, 27 April 2023 11:33 PM

වඳුරන් වෙනුවට දේශපාලකයින් සහ ඔවුන්ගේ පුතුන් යැවීම වඩා හොඳය, කෙසේ වෙතත්, චීනුන් දේශපාලකයින්ගේ සහ ඔවුන්ගේ පුතුන්ගේ මොළය විවෘත කළ පසු චීනුන්ට මොළය සම්පූර්ණයෙන්ම හිස් බව සොයාගෙන වහාම ඔවුන්ව ලංකාවට ගෙන ඒමේ අනතුරක් තිබේ.

:       2       11

Shantha B Tennakoon Friday, 28 April 2023 01:00 AM

ඉතින් ඉතිරි මිලියන 2.9 ගොවිපලවලට පහර දෙන්නේ නැහැ.

:       1       2

Jayalath Friday, 28 April 2023 03:37 AM

ලොකු දෙයක් පුළුවන් නම් ලක්ශ 30 යවන්න

:       2       6

ලුම්බිණි Friday, 28 April 2023 04:44 AM

පෝයට සිල් අරගෙන මෙහෙම පින් කරන එක වටිනවා ඇමති තුමා.

:       2       4

Perera Friday, 28 April 2023 06:05 AM

රිලවු ලක්ෂයක් චීනේ සත්ව උද්‍යාන වලට .චීන්නු හිතන් ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා වෙන්න ඇති.චීන්නු මේ රිලවුන්ව ගෙනියන්නේ රිලවුන්ගේ මොලෙයි අමුවෙන් කන්න .ගූගල් කරලා බලන්න

:       9       8

KureraFriday, 28 April 2023 02:02 PM

ඉතිං ‌මොකද? කාපුවාවේ...

:       1       5

Chandima Friday, 28 April 2023 06:42 AM

ගමෙන් එකෙක් පාර්ලිමේන්තු යවන්න හිතුවට වැඩේ හරියන්නේ නැහැ වගේ ?

:       0       3

sukitha Friday, 28 April 2023 09:06 AM

මේ රට පාලනය කරන්න උගතුන්ටත් බැහැ. නුගතුන්ටත් බැහැ. සියලු මිනිසුන් වන්ද්‍යාකරණය කොට මේ රට සතා සිවුපාවුන්ට ගහකොළට බාර දෙන්න. උන් සදාකාලිකව මේ රට ගොඩනගාවී.

:       3       10

යෝගා Friday, 28 April 2023 10:14 AM

රිලාප්‍රේමීන් සෙට් එකත් ඔය ගමන්ම චීනෙට පටවන්න බැරිද? හැබැයි උන්ගේ නම් කන්න තරම් මොලයක් නැතුව ඇති

:       7       10

prasanna Friday, 28 April 2023 11:26 AM

මෙහෙ අය කුකුළගේ පිහාටුත් කාලා, රිළවුන්ගේ මොලේ කන එක හොයනවා. සත්ව හිංසාව සෑම සතෙකුටම පොදුයි. හරකා කනවා, ඌරා කනවා... රිළවුන් ගැන විතරක් අමුතු අනුකම්පාවක්...

:       2       7

Dasa P Friday, 28 April 2023 05:15 PM

ඇයි ඉතින් නොමිලේ දෙන්නේ? කාගේ සාක්කුවටද රිළව් වික්ක සල්ලි...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site