(අංජුල මහික වීරරත්න)
රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවෙන් රිලවුන් ගෙන යාමට චීනය පාර්ශවයෙන් ලබාගත් අනුමැතිය සහිත ලේඛන සියල්ල අදාල සමාගම විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාරදී ඇතැයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
චීනයට රිලවුන් ගෙන යාම සම්බන්ධයෙන් චීන සමාගමකින් ලැබුණු ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු පත් කරන කැබිනට් අනුකමිටුවේ නිර්දේශ මත මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දීමට නියමිතය.
මුලින් රිලවුන් පන්සියයක් ලබාදෙන්නැයි අදාල චීන සමාගම ඉල්ලා තිබූ බවත් චීන පාර්ශවයේ අනුමැතිය ලැබීමෙන් පසු මුලින්ම රිලවුන් 1500ක් ලබා දෙන ලෙස අදාල සමාගම දැනුම් දුන් බවත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
පසුව පියවරෙන් පියවර රිලවුන් ලක්ෂයක් පමණ එම සමාගම විසින් ඉල්ලුම් කර තිබේ.
රිලවුන් අාරක්ෂිතව අල්ලා ගැනීම ඇතුළු සියලු වියහියදම් චීන සමාගම විසින් දරන බවත් මෙම රිලව් චීනයට ලබා දෙන්නේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව නොමිලයේ බවත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
මෙරට රිලවුන් ලක්ෂ 30ක් පමණ සිටින බවට සංගණනය කර ඇති අතර වගා හානි කරන සතුන් අතර රිලවා ප්‍රමුඛ ස්ථානයක සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේට විරුද්ද වෙන අය ඔක්කොම එකතු කරලා පන්සියයක් හදාගත්තොත් තව බැච් එකකට හරි. අර පාහියන්ගල එක්කෙනත් අල්ලා ගන්න පීස්.
සල්ලි මිටි ගණන්
වඳුරන් වෙනුවට දේශපාලකයින් සහ ඔවුන්ගේ පුතුන් යැවීම වඩා හොඳය, කෙසේ වෙතත්, චීනුන් දේශපාලකයින්ගේ සහ ඔවුන්ගේ පුතුන්ගේ මොළය විවෘත කළ පසු චීනුන්ට මොළය සම්පූර්ණයෙන්ම හිස් බව සොයාගෙන වහාම ඔවුන්ව ලංකාවට ගෙන ඒමේ අනතුරක් තිබේ.
ඉතින් ඉතිරි මිලියන 2.9 ගොවිපලවලට පහර දෙන්නේ නැහැ.
ලොකු දෙයක් පුළුවන් නම් ලක්ශ 30 යවන්න
පෝයට සිල් අරගෙන මෙහෙම පින් කරන එක වටිනවා ඇමති තුමා.
රිලවු ලක්ෂයක් චීනේ සත්ව උද්‍යාන වලට .චීන්නු හිතන් ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලා වෙන්න ඇති.චීන්නු මේ රිලවුන්ව ගෙනියන්නේ රිලවුන්ගේ මොලෙයි අමුවෙන් කන්න .ගූගල් කරලා බලන්න
ගමෙන් එකෙක් පාර්ලිමේන්තු යවන්න හිතුවට වැඩේ හරියන්නේ නැහැ වගේ ?
මේ රට පාලනය කරන්න උගතුන්ටත් බැහැ. නුගතුන්ටත් බැහැ. සියලු මිනිසුන් වන්ද්‍යාකරණය කොට මේ රට සතා සිවුපාවුන්ට ගහකොළට බාර දෙන්න. උන් සදාකාලිකව මේ රට ගොඩනගාවී.
රිලාප්‍රේමීන් සෙට් එකත් ඔය ගමන්ම චීනෙට පටවන්න බැරිද? හැබැයි උන්ගේ නම් කන්න තරම් මොලයක් නැතුව ඇති
මෙහෙ අය කුකුළගේ පිහාටුත් කාලා, රිළවුන්ගේ මොලේ කන එක හොයනවා. සත්ව හිංසාව සෑම සතෙකුටම පොදුයි. හරකා කනවා, ඌරා කනවා... රිළවුන් ගැන විතරක් අමුතු අනුකම්පාවක්...
ඇයි ඉතින් නොමිලේ දෙන්නේ? කාගේ සාක්කුවටද රිළව් වික්ක සල්ලි...?