
(දයාරත්න ඇඹෝගම)
ඩුබායි රටේ විදුලි ඉංජිනේරැවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු රිලවුන් ගෙන් හා වදුරන් සිදුවන හානිය වලක්වා ගැනිම සදහා නව උපකරණයක් නිෂ්පාදනය කොට තිබේ.
මෙම නව උපකරණය ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්තද සිල්වා මහතා නිශ්පාදනය කර ඇති අතර මෙම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය මේ වනවිට එහි සාර්ථකත්වය පිළිබඳව පරිකෂා කිරිමේ කටයුතු නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරයි .
රිලවුන්ගෙන් හා වදුරන්ගෙන් සිදු වන හානිය වළක්වා ගැනිම සදහා නිශ්පාදිත නව උපකරණය පිළිබඳව අදහස් දැක්වු ඉංජිනේරු මනතුංග මහතා ඒ පිළිබදව අදහස් දක්වමින් මෙසේ පැවසිය.
‘රිලවුන් වඳුරන් පලවාහරින උපකරණය නිශ්පාදනය කළේ ලුණු විල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මතයි. මම මීට පෙර වන අලි පලව හරින උපකරණයක් නිශ්පාදනය කළා.එය දැකලා වෙන්න ඇති රිලවුන් වඳුරන් පලවාහරින උපකරණයක් නිශ්පාදනය කරන්න ඉල්ලීමක් කරන්න ඇති .ලංකාවේ පොල් වගාවෙන් 30% වැඩි ප්‍රමාණයක් රිලවුන් වඳුරන් විසින් විනාශ කරනවා .ඒනිසා ඔවුන් පලවාහරින උපකරණයක් නිශ්පාදනය කරන්න කියා ඉල්ලීමක් කළා.ඒ අනුව මා විසින් ඒ සදහා පර්යේෂණ සිදු කර උපකරණයක් නිශ්පාදනය කරනු ලැබුවා.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලවන්නේ කොහෙටද එහෙන් මෙහෙන් එහෙට කොහාට ගියත් එකයි
ඉංජිනේරු මහතාගේ වෑයමට තුති. මේ කියන්න යන දේ එතුමාගේ වරදක් නෙවෙයි. අපේ රටේ හැබැයි කිසිම ප්‍රශ්නයකට සැබෑ විසඳුම් දෙන්න උත්සහයක් නැහැ. පැලැස්තර ඇලවීම තමයි කෙරෙන්නේ. රිලවුන් එලවා දැමීම ඒ වගේ තාවකාලික පැලැස්තරයක්. උන් අදාළ තැනින් යනවා වෙනත් තැනකට. ගිහින් එතැන විනාශ කරනවා. වල් අලි ප්‍රශ්නයත් එහෙමයි. රිලා මොනර ආදීන්ගේ ගහණය පාලනය කිරීම කල යුතුමයි. දඩයම් කිරීම, වඳ කිරීම, රට පැටවීම හෝ වෙනත් ක්‍රමයකින්. තමන්ගේ වගාවෙන්, ප්‍රදේශයෙන් උන් එලෙව්වා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවත්, එවැනි පැලැස්තරවලට යන වියදම සහ ශ්‍රමය නාස්තියක් පමණත් බවත් ඉහලම නිලධාරියාගේ සිට පහලටම වටහා ගැනීමයි කල යුත්තේ.
මේ රටේ ජීවත්වෙන අහිංසක මිනිසුන් හූරා කන කාලකන්නි දේශපාලු හැතිකරය පලවා හරින මැසිමක් අපට හදලා දෙන්නකො මහත්තයෝ. ඔබ තුමාට බුදුබව අත්වෙයි මහත්තයෝ.
මේ රටේ ගොවි ජනතාවට මේ උපකරණය ලබාදීමට වහාම අදාළ ඇමතිවරයා කටයුතු කිරීම වැදගත්. චීනාට රිලව් ටික ගෙනියන්න ඉඩදීම නිසා අතට යටින් ලැබෙනවා යැයි පැවසෙන සල්ලි කුට්ටිය ගැන විතරක් හිතන්න එපා.මේ රට බංකොලොත් කළ පාර්ලිමේන්තු රිලව් ටික තමයි ඉස්සෙල්ලාම චීනට ගෙනියන්න දෙන්න ඕනේ.
අපි ඒක කතා කරන්න ඕන
මෙම උපකරණය මිලදි ගැනිමේ හැකියාවක් ඉදිරියේදී තියෙනවාද? මිල කීයද? ලබාගන්න පුළුවන් කොහෙන්ද?
ඕකේ සද්දෙට කොහොමද මිනිස්සු ඉන්නේ.. වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. කන්වලට ඇබ ගහගෙන තමයි අපිට ඉන්න වෙන්නේ. ඉතිං ඕකේ සද්දෙට රිලව් ගියාම කොහොමද අපි දැනගන්නේ... අනික රිලව් ගියාම ඕකේ සද්දේ ස්වයංක්‍රීයව නවතිනවාද?
මේ... ඔය හුචක්කුව වහාම ආපහු ඉල්ලා ගන්න. මම මේ කාලයක් මහන්සිවෙලා රටේ රිලව් ටික චීනාගේ මස් කඩේට යවන්න සෙට්කරලා ගාණක් හොයාගන්න බැලුවා. දැන් ඔය හුචක්කුව ගෙනැල්ලා රිලව් එලවන්න හදනවා. රිලව් ලක්ෂ 10ක් විතර චීනාගේ මස් කඩේට යැව්වාට පස්සේ ඕනෑ මගුලක්. හැබැයි දැන් බැහැ. වහාම ඕක අයින්කර ගන්නවා. මම නරක මිනිහයි කියන්න එපා. දන්නවා නේද මගේ වැඩ කිඩ...?
බයවෙන්න එපා... රිලව් ඕක උස්සගෙන ගිහින් කෑලි ගලවනවා.
අපි ඉන්නේ ලංකාවේ... අපිට රිලව් එපා..
ඕක බැටරි වලින්ද වැඩ කරන්නේ...? කොච්චර දුර ඉන්න රිලව් පන්නන්න පුලුවන්ද දන්නේ නෑ.
රිලව් පන්නන්නේ කොහාටද? මේ ඉඩමෙන් මේ ගමෙන් පන්නුවොත් එහා ඉඩමට නැතිනම් එහා ගමට යාවි. කොහේ ගියත් ඔවුන් වගාවට හානිකරනවා. අපිට ආදායමකුත් ලබාගෙන රටින්ම පන්නන්න ක්‍රමයක් තමයි දැන් ලැබිලා තිබෙන්නේ. ලක්ෂයක් ගත්තොත් විසිපන්දාහක් නොමිලේ කියන ප්‍රොමෝෂන් දාලා අපේ රිලව් ලෝකෙට පන්නමු. සමහරවිට Dog food, Cat food ටින්වල දාපු රිලව් ලංකාවට ඒවි.