
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොලේ නතර කර තිබූ පෞද්ගලික බස් රථයක් තුළට කඩා වැදී බස් රථයේ වාඩිවී සිටි ආගරපතන පොලිසියේ රාජකාරිය කරන පොලිස් කොස්තාපල්වරයකුට පහරදී තුවාල සිදු කළේ යැයි කියන නුවරඑළිය දිසා ලේකම් කාර්යාලයේ රාජකාරි කරන සංවර්ධන නිලධාරියකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුගේ පෙම්වතිය බව කියන තරුණිය සමඟ මෙම පොලිස් කොස්තාපල්වරයා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවට මෙම සැකකරු කරුණු වරදවා වටහා ගෙන මෙම පහරදීම සිදුකර ඇති බව මේ හා සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම් හුටපටය පී.සී ගුටි කාලා
කිරි පුතා Friday, 28 April 2023 09:58 AM
හැම හුටපටයක් යටම චීත්තයක්. රටේ කාන්තා ප්‍රතිශතය වැඩි වගවත් වර්ථමාන තරුණ පිරිමි දන්නෙ නැති හැඩයි.