IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

(යොහාන් භාසුර)

අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට අද (28) පෙරවරුවේ සමත් විය.

ප්‍රභාත් ජයසූරිය වසර 71 ක් පැරණි වාර්තාවක් බිඳදැමීම මෙහිදී කැපී පෙනේ.

ප්‍රභාත් අද පෙරවරුවේ පෝල් ස්ටර්ලිං තෙවැනි කඩුල්ල ලෙස දවාගනිමින් 50 වැනි කඩුල්ල සම්පූර්ණ කළේය.

ප්‍රභාත් මේ වන විට ටෙස්ට් තරග 7 කදී කඩුලු 50 සම්පූර්ණ කළ අතර මීට පෙර බටහිර කොදෙව් හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් 1951 වසරේ ඔහුගේ අටවැනි තරගයේදී කඩුලු 50 සම්පූර්ණ කරමින් එහි පැරණි වාර්තාවට හිමිකම් කීය. 



අදහස් (9)

ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

Siri Friday, 28 April 2023 01:59 PM

ස්කොට්ලන්තය සහ වේල්ස් කියලත් ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන රටවල් දෙකක් තියෙනවා. ඒ ගොල්ලන්ගේ කණ්ඩායම් ලංකාවට ගෙන්වාගෙන ටෙස්ට් තරඟ සංවිධානය කළොත් අපේ කණ්ඩායම ලෝකයේ පලවෙනි තැනට ගන්නත්, ක්‍රීඩකයින්ට තවතව ලෝක වාර්තා පිහිටුවන්නත් පුළුවන් වේවි. පොඩ්ඩක් හිතලා බැලුවොත් නරකද? දෙයියෝ පස්සේ වැඳ වැඳ යන්න අවශ්‍ය වෙන එකකුත් නෑ.

:       31       18

නිහාල් Friday, 28 April 2023 02:34 PM

දැනගන්නයි අහන්නේ... ඔය රටවල් දෙක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනවාද?

:       3       15

SiriSaturday, 29 April 2023 12:38 AM

ස්කොට්ලන්තයටයි, වේල්ස් වලටයි ටෙස්ට් වරම් දිනාදෙන්න සටනක් ගෙනියන්න කියලා එංගලන්තයට බලකරමු. එතකොට වැඩේ හරියයි.

:       1       1

Sampath Friday, 28 April 2023 03:49 PM

ස්කොට්ලන්තයටයි වෙල්සයටයි ටෙස්ට් වරම් තියෙනවද?

:       1       8

Megha Anuranga Friday, 28 April 2023 02:58 PM

එක්දින තරගය මීට වෙනස් වෙන්න පුළුවන්... අයර්ලන්තය ටෙස්ට් තත්ත්වය Test Status ලබාදීම ඔවුන්අට අනුව අසාධාරණයි.

:       2       4

Lakmal Sanjeewa Friday, 28 April 2023 04:27 PM

ප්‍රභාත් ජයසූරිය විකට් 50 ගත්තේ අයර්ලන්තයට එරෙහිව නොවේ...

:       0       19

rasanna Friday, 28 April 2023 06:51 PM

දැන් මේගැන සතුටු වෙන්නේ නැතුව, විවේචන කරමින් කුහකයින් විදිහට හැසිරෙන අය ඉන්නවද? මොන රටේද?

:       0       22

හේමන්ත Friday, 28 April 2023 08:29 PM

Siri. මොලේ අසුචි ද? කුහක වෙන්නේ නැතුව සතුටු වෙනවා හලෝ...!

:       0       13

SiriSaturday, 29 April 2023 12:33 AM

දුර්වල, අත්දැකීම් නැති කණ්ඩායමකට පැල් බැඳගෙන පහර දෙන එක හුරේදාන්න තරම් වටිනා ලොකුකමක් නොවේ. මතක නැද්ද ඊයේ පෙරේදා වගේ දවසක පළපුරුදු නවසීලන්තයේදී කාපු පරිප්පුව? ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දක්ෂතාවය වෙනුවට ගෝත්‍රික සම්බන්ධතා අනුව ක්‍රීඩකයින් තෝරාගන්න තැනට ඇද දමලා කියලා කියන්නේ අපි නොවේ. ක්‍රිකට් ගැන යමක් කමක් දන්නා අයයි හලෝ.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site