කොළඹ ආරක්ෂාව තරවෙයි ජාතික ජන බලවේගය විසින් අද පස්වරුවේ සංවිධානය කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තර කර ඇත. 26 February 2023
රාජ්‍ය ආයතනවලට ඩිජිටල් විද්‍යුත් ගෙවීමේ ක්‍රමයක් රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් සහ අය කිරීම් ලබන වසරේ මාර්තු මාසයේ සිට ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. 26 February 2023
ඉල්ලා අස්වෙන්න කියලත් නෑ ඉල්ලා අස්වෙන්නෙත් නෑ තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. තමාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නැතැයිද ඔහු සඳහන් කළේය. 26 February 2023
සැප්තැම්බර් - දෙසැම්බර් වෙද්දී ජනතාවට සහන ශ්‍රී ලංකාවට බලපා තිබෙන දරුණු තුවාලය සුව කිරීම සඳහා ජනපතිට අසීරු තීරණ ගැනීමට සිදු වුවත් සැප්තැම්බර් - දෙසැම්බර් වෙද්දී ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 26 February 2023
පිපිරීමකින් අඹු සැමි යුවළ රෝහලේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ කුණු ගොඩක් ගිනි තැබීම්ට යෑමේ දී සිදු වූ හදිසි පුපුරා යෑමකින් තුවාල ලැබුවා අඹුසැමි යුවළක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගල්කිස්ස පොලිසිය පවසයි. 26 February 2023
අනුර කුමාර ඇතුළු 26කට අධිකරණයෙන් දුන් නියෝගය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට කොළඹ කොටුව ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම සහ විරෝධතා පාගමන් වල නියැලීම අද(26) පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය 26 February 2023
ඇල්ලූ වැලිවලින් කොටසක් පොලිසිය විකුණලා බලපත්‍ර රහිතව නීති විරෝධී ආකාරයට දැදුරු ඔයෙන් ගොඩ දමන ලද වැලි තොගයක් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන යමින් සිටියදී ආරක්ෂාව බාරව ගිය පොලිස් නිලධාරීන් පිරිසක් එම වැලි තොගයෙන් කොටසක් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 26 February 2023
මැණික් පෙන්නා ලක්ෂ 15ක් කොල්ල කාලා මැණික් ගල් තුනක් ලබා දෙන ලබාදෙන බවට පවසා මහඔය 69 හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් කොල්ල කෑ සැකකරුවෙක් මහඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 26 February 2023
සචාරකයින්ගේ ආරක්ෂාවට මෘදුකාංගයක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා එළඹෙන පළමු වැනිදා සිට ජංගම දුරකතන යෙදුමක්(මෘදුකාංගයක්) දියත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත. 26 February 2023
අක්කා නගෝ ගින්නකට දැවේ යාපනය ,කයිට්ස්,ශාන්ත මේරි මාවතේ නිවසක ගින්නකින් පිළිස්සි මියගිය වයෝවෘද ෙ සහෝදරියන් දෙදෙෙකුගේ මළ සිරුරු සොයාගත් බව කයිට්ස් පොලිසිය පවසයි. 26 February 2023
ඕස්ට්‍රේලියාවේ අලි පේර ලංකාවට රටට ඩොලර් ඉපැයීම සඳහා HASS නැමැති අලිගැටපේර විශේෂය ලංකාවේ කෘෂි කාර්මික වගාවක් ලෙස පුළුල් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 26 February 2023
ප්‍රංශයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ දිය හැකි සියලු සහයක්ම දීමට පැරිස් ආධාර කණ්ඩායම තුළ සහ ඉන් පිටතත් ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා පැවසීය. 26 February 2023
අඛණ්ඩව විදුලිය දෙන්න සාකච්ඡාවක් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් වර්ෂාපනතනයක් නොලැබුණහොත් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට, අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු පසයාගැනීම සහ විකල්ප ක්‍රියා මාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. 26 February 2023
අයි එම් එෆ් අධ්‍යක්ෂිකාවගෙන් ලංකාව ගැන ප්‍රකාශයක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන පොදු රාමුවෙන් ආවරණය වන රටවල් මෙන්ම පොදු රාමුවෙන් ආවරණය නොවන ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා ණය සහන ලබාදීමට විධිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කර ඇත. 26 February 2023
හොර දොස්තර මත් පෙති කුඩු සමඟ අල්ලයි හොරණ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙකුගෙන් නිල මුද්‍රාව සොරාගෙන අඟුරුවාතොට ගල්පාත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට මත්පෙති සහ මත්කුඩු අලෙවියේ යෙදුණු පුද්ගලයකු ගල්පාත මුල් ගොඩකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි 26 February 2023
මුහුණුපොතෙන් හොරබඩු විකිණු සිසුවාට වැඩ වරදී රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් යතුරු පැදියක් සොරකම් කර එහි එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර ’’ෆේස්බුක්’’ සමාජ මාධ්‍ය හරහා අඩු මුදලකට විකුණූ කාර්මික විද්‍යාල සිසුවෙකු සහ සොර බඩු බව දැන දැනත් එම යතුරු පැදිය මිලදී ගත් ගිලන් රථ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි. 26 February 2023
යකඩ බැරලයෙන් දිය නාද්දී අකුණු සැරින් මරුට යකඩ බැරලයක දිය නාමින් සිටි පුද්ගලයකු අකුණු අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 26 February 2023
පළාත් කීපයකට අදත් තද වැසි සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (26) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 February 2023
ඡංගම දුරකතන හබයෙන් දෙදෙරු පියා මරුට උගසට තැබූ ජංගම දුරකතනයක් බේරා ගැනීමට ගිය දෙදරුපියකුට පහරදී මරා දමා ඔහුගේ මාමන්ඩියගේ හිසට තුවාල සිදුකළ මව සහ පුතුන් තිදෙනකු සැකපිට (24) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 25 February 2023
බසය ප්‍රපාතයට 46ක් රෝහලට මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා කිරීමට ආ බස් රථයක් තිරිංග අක්‍රියවී බෑවුමකට පෙරළි යාම හේතුවෙන් 46 දෙනකු පමණ තුවා ලබා ඇතැයි පොලිසිය කියයි 25 February 2023
’’ජනාධිපති මට ආදරේ නම් මැතිවරණය තියන්න’’ තමන්ට ආදරේ නම් මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් මහතා පැවසීය. 25 February 2023
අතට අහුවුණු අපරාධකරු අල්ලා ගන්න බැරිවේ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය . 25 February 2023
අගමැතිකමට මහින්ද නැවත ගේන සැලසුමක් දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුර මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ලබාදීමේ කිසියම් සැලසුමක් ක්‍රියාත්මක වන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 25 February 2023
පවුල් ලක්ෂ හයක් අඳුරට යන හැඩ අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින විදුලිබල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. 25 February 2023
මයන්ත මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබේ. 25 February 2023
අයි.එම්.එෆ් ලැබෙනතුරු ’’හයිවේ’’ තුනක වැඩ නෑ මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ලංකාදීපයට පැවැසීය. 25 February 2023
මයන්ත මුදල් කමිටුව බාර ගැනීමෙන් සජබේ අර්බුදයක් මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පක්ෂයේ ඉල්ලීම අනුව ඒ තනතුරින් ඉවත්වීමට එකඟ නොවීම නිසා පක්ෂය තුළ මතභේදාත්මක තත්වයක් නිර්මාණයවී ඇතැයි වාර්තාවේ. 25 February 2023
අස්වනු අඩුවට හේතුව ජ‘පුරෙන් සොයා ගනී දේශගුණික විපර්යාස හා මීමැස්සන් හා බඹරුන් වැනි පරාගනයට දායක වන සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්යවරුන් පිරිසක් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත. 25 February 2023
වැසි දෙවියෝ අදත් බරටම වැඩ බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 February 2023
යාල බලන්න ගිය මැලේ ජාතිකයා අතුරුදහන් යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව කිරින්ද පොලීසිය පවසයි. 25 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026