(යොහාන් භාසුර)
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්රිකට් සභාව (අයි.සී.සී.) ශ්රී ලංකා ක්රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්රිකට් ආරංචි මාර්ග සදඟන් කරයි.
ශ්රී ලංකා ක්රිකට් පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්රිකට් සභාව අද (26) පෙරවරුවේ කරුණු විමසා ඇති බවත් සාමාජිකත්වය තහනම් නොකරන ලෙස ක්රිකට් පරිපාලනය අයි.සී.සී.යෙන් ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්ව අත්හිටුවීමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් ශ්රී ලංකාවට ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමිවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් ශ්රී ලංකා ක්රිකට් තහනම් කරන්න. ක්රිකට් වලට විතරක් නෙමෙයි රටේ සියළු ස්වාදීන ආයතන වලට පාදඩ ජඩ හොර දේශපාලුවන්ගේ බලපෑම් තියනවා .
අපිට නම් පාඩුවක් නැහැ , ඔකේ පරිපලානේ ඉන්න හොරු ටිකටයි ,ටීමේ එකේ ඉන්න ක්රිකට් ගහන්න පොඩ්ඩක් පුළුවන් නළුවෝ ටිකට නම් අදායම් මාර්ග නැතිවේවි
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සිය දූෂිත ක්රියාවලින් ශ්රී ලංකාවේ ක්රිකට් විනාශ කර ඇති බව ඇමතිවරයා ICC ය දැනුවත් කළ යුතුය.
කොහොමත් ක්රිකට් ආයතනය හැසිරෙන්නේ මවාගත්තු බලයක් සමග. එතැනට අභියෝග කරන කාටවුවත් මේ වගේ ප්රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි එහෙම කියලා ක්රිකටුත් කාලා, රටත් කාලා යනකන් මේ කණ්ඩායමට බයේ ඉන්නවාද? නැත්නම් ඒකට අභියෝග කරනවාද කියන දේ තීරණය කරන්න ඕන රජය. අනික icc කියන්නේ නිකන් බෝඩ් එකක් පමණයි. ඇත්ත icc කියන්නේ ඉන්දියන් ක්රිකට් බෝඩ් එක...
තහනම් කළත් දිගටම ගැහුවත් අපි නම් ඕවා බලන්නේ නෑ
ක්රිකට් විතරද....සමස්තයක් විදිහට බැලුවම මුළු රටත්,ජාතියත්,කාලා විනාස කරලා ඉවරයි ...මොනවද මේ ක්රිකට් ගැන විතරක් අමුතු කතාවක් ...
ලොන්ත ක්රිකට් පොන්සියො ටිකට වෙන රටකට වතුර අදින්න යන්න පුළුවන් වෙයි
තවතවත් කම්බ හොරුන් පත් කරන්න. මණ්ඩලයට තවතවත් හොඳට හම්බ කරන්න පුළුවන්...