(ඉන්දිකා රාමනායක)
ටයිටේන් වර්ගයේ මිළ අධික වාලම්පුරික් රුපියල් කෝටි 5 කට අලෙවි කිරිමට සූදානම් කර සිටී පුද්ගලයෙකු නුවරඑළිය ගොරකාපතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සන්තකයේ ටයිටේන් වර්ගය වාලම්පුරියක් ඇති බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව නුවරඑළිය කඳවුරේ භට කණ්ඩායමක් විසින් ගොරකාපතාන ප්‍රදේශයේ හෝටලයක් වටලා වාලම්පූරිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු (45) අලුත් කොළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු සහ වාලම්පූරිය වැඩිදුර පරීක්ෂණ සඳහා කැප්පෙටිපොළ පොලීසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වාලම්පුරි අල්ලපු කතාවල් නිතර පත්තරවල තියෙනවා. ඒ අල්ලපු වාලම්පුරිවලට මොනවද වෙන්නේ? ඇයි වාලම්පුරි විකුණන්න තහනම්...?
ඕක අල්ලපු එකාට වාලම්පුරිය තෙල් දාලා කන්න කියන්න. ඔය වගේ දේවල් විකුණන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ඕනෑ... දැන් ඉතින් ඕකෙන් කාටවත් ප්‍රෙයා්ජනයක් නැහැ. නඩු භාණ්ඩ කියලා ඕක තියාගෙන විනාශවෙලා යාවි...
මෙය නීති විරෝධී වන්නේ මන්දැයි යමෙකුට පැහැදිලි කළ හැකිද? එය නීති විරෝධී වන්නේ කුමන පදනමකින්ද, ඒ මන්දැයි මට තේරෙන්නේ නැත.
මැරුණු සත්වයෙකුගේ කවචයක් විකිණුවා කියලා මොකද වෙන්නේ? එහෙම නම් මාළු අල්ලලා විකුණන එකත් වැරැදියිනේ. මෙම බෙල්ලන් සංරක්ෂිත සත්වයෙක්ද?
මොන තරම් ගොන් අදහස්ද මේ, ඒක නීතිගත කලොත් හෝ ඔය තරම් සරලව කල්පනා කලොත් වාලම්පුරි බෙල්ලො විතරක් නොවී සල්ලිවලට සත්තු කොච්චර මරමර එකතු කරයිද? අපේ රටේ කාලකන්නි? වනජීවී පනත යටතේ ආරක්ෂිත සත්තු මේ.