(යොහාන් භාසුර)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් අයවිය යුතු විශාල වන්දි මුදල වෙනත් පුද්ගලයන් අතට පත්වීම වැලැක්වීමට කටයුතු කරන ලෙස සහ එම වන්දිය ගැනීමට කටයුතු කරන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සහ පරිසර සංවිධාන අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට අද (26) විරෝධතාවක් පැවැත්වීය.

‘ඩොලර් වෙනුවෙන් වටිනා මුහුදු ජීවීන් වැනසූ ඝාතකයන්ට දඩුවම් දෙනු’, පරිසර ඝාතකයින් වහා හෙළිකරනු’ සහ ‘කොමිස් කුට්ටි වෙනුවෙන් රටට හිමිවන වන්දි මුදල අහිමි නොකරනු’ යන සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී පිරිස විරෝධතවෙයේ නිරත වූහ.

(ඡායාරූපය: ශාන්ත රත්නායක)