(යොහාන් භාසුර)
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමට අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ ද මැදිහත්වීමෙන් විශ්ව විද්‍යාල අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිද්දා (28) පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය අත්හිටුවන ලෙස ඉල්ලමින් අයඳුම්කරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
එම ඉල්ලීම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව ද වාර්තා වේ.
එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය පසුගිය 11 වැනිදා පැවැත්වීමට නියමිතය තිබුණ ද ඒ සඳහා වන දැන්වීම් නිසියාකාරව ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් කල්දමා ඇති බවත් මීට පෙර පත්වූ උපකුලපතිවරු කීපදෙනෙක්ම ඉහළ නිලධාරියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ධූර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වී ඇති බවත් දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ට කඩේ යන්න කැමති මොලයක් නතු මැට්ටෙකුව පත් කරන්න
උසස් නිළතල වලට පත්කරන ආකාරයට මේ තනතුර සදහා පත්කිරීම කරන්නෙ නැත්තේ එම තනතුරු අනෙක් තනතුරු වලට වඩා පහල මට්ටමේ තනතුරු නිසාද මෙහෙම දේශපාලුවන්ගේ ගෝලයො මැදිහත්ව උපකුලපති තෝරනවා නම් ඇත්තටම එම තනතුර ගැන බලවත්ම කණගාටුවක් ඇතිවෙනවා එනිසා මේ තනතුරේ ගරුත්වය ඇතිවීමට උසස් නිළතල වලට පත්කරන ආකාරයට පත්කිරීම කරන්න