
(යොහාන් භාසුර)
මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අනුමැතිය ලැබුණු සමාගම් තුන අතරින් ‘සිනොපෙක්’ සමාගම ලබන ජූලි මස ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම සමාගම සමඟ මැයි මස මැද වන විට ගිවිසුම්ගත වී ගිවිසුම්ගත වී දින 45 ක් තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවත් ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාලය පිළිබඳව එම සමාගම සමඟ සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා කීය.
එම සමාගමේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතනවල නිලධාරීහූ සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාගෙන කන වල ඉහගෙන කන්න ගිහිල්ලා ඛනිජ තෙල් සංස්ථාව කාගත්ත හැටි. දැන් තවටික දවසකින් තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වෙලා රටත් කාගෙන ස්වාබාවික මරණයට යාවි. අපිට් අහන්න තිබෙන්නේ දැන් සංස්ථාවට සැපද කියලා ?
ඒක නම් හොඳයි... ජනතාවට සහනයක් වෙන වැඩක් නම් ඉතින් හොඳයි.