යුද ගැටුම වළකන යෝජනාවට ලංකාව අත උස්සන්නේ නෑ රුසියානු - යුක්රේන යුද්ධය නවත්වන ලෙසත් රුසියානු හමුදාවන්ට යුක්රේනයෙන් වහාම ඉවත්වන ලෙසත් පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපත් වූ යෝජනාවට නැවත වරක් ශ්‍රී ලංකාව ඡන්දය ලබා දීමෙන් වැළකී සිට ඇත. 24 February 2023
පොහොට්ටු ලේකම්ට වාරණයක් පළාත් පාලන මැතිවරණයට නිදහස් ජනතා සන්ධානයේ ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කිරීමට නාමයෝජනා භාරදී සිටින මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හයක සභාපතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය ලබන මාර්තු 9 වැනිදා දක්වා අත්හිටුවමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. 24 February 2023
මුදලිගේ ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශයට අනවසරයෙන් ඇතුල්වූ බවට චෝදනාවට ඊයේ (23) අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විට ගෙන ගොස් ඇති බව වාර්තා වේ. 24 February 2023
ඊශ්‍රායල් රැකියා ජාවාරමක කළ දෙදෙනෙකු දැලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහය මත ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බව පවසමින් රාජ්‍ය ලාංඡනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංඡනය යොදා සකස් කළ ව්‍යාජ අයදුම්පත්‍ර තරුණයින්ට ලබාදෙමින්, තරුණ පිරිස් මුලාවට පත්කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සමත් විය. 24 February 2023
කොරියානු භාෂා විභාගයට අයදුම්පත් 85000 ක් දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා මෙම වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072 ක් අයදුම්කර ඇති බවත් කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් අයදුම් කළ වැඩි සංඛ්‍යාව මෙය බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 24 February 2023
ගොවීන්ගේ සාක්කුවට තවත් මිලියන 56,000ක් මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 24 February 2023
දිවුලපිටිය නගරයේ දී පන්දම් විරෝධතා දෙකක් විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් දිවුලපිටිය නගරයේ දී පන්දම් දල්වාගෙන විරෝධතා දෙකක් පැවැත්විණි. 24 February 2023
ආරක්ෂක කැමරා සවි කරන්න ඇවිත් රන් බඩු උස්සලා කදිරාන ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ 18 ක පමණ රන් භාණ්ඩ ඇතුළු වටිනා දේපළ සොරා ගෙන ගියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය පවසයි. 24 February 2023
භෞතික චිකිත්සකවරියගෙ නව ලක්ෂය සොරාගෙන මීගමුව ප්‍රදේශයේ හෝටලයක රථ ගාලක නතරකර ගිය යතුරු පැදියක කැබින් එක කිසියම් පුද්ගලයකු කඩා ඒ තුළ තිබූ රුපියල් නම ලක්ෂ හැත්තෑ එක්දාස් පන්සීයක මුදලක්සොරාගෙන ගොස් ඇතැයි මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි. 24 February 2023
මතට පෙම් බැඳ ජාතික රෝහලේ දෙදෙනෙක් කන්දකාඩුවට හෙරොයින් , අයිස් හා මත්පෙති පානය තදින්ම ඇබ්බැහි ව සිටි කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනකු ඇතුලු සිව්දෙනකු මාස 6 පුනරුත්ථාපනය සදහා කන්දකාඩු රැඳවුම් මධ්‍යස්තානය වෙත යොමුකරන ලෙසට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (22) ලෙසට නියෝග කළේය. 23 February 2023
විරෝධතාවය මැද පොලිසිය ගුරුවරු දෙදෙනකුත් අත්අඩංගුවට අරගෙන අධ්‍යාපන අමාත්‍යංශයේ අද (23) පැවැති විරෝධතාවය අතරවාරයේ පොලිසිය ගුරු මාරු මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි. 23 February 2023
අධ්‍යාපන අමාත්‍යංශයට කඩා වැදුණු 67 ක් අත්අඩංගුවට බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩා වැදීම සම්බනධයෙන් භික්ෂූන් වහන්සේලා සහ සිසුන් 67 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 February 2023
ඇස්වලට මිරිස් ගසා ලක්ෂ තුනහමාරක රන්මාලය කොල්ලකාලා බොරලන්ද ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා 22 වෙනිදා රාත්‍රී කාලයේ කඩා වැදී එම නිවසේ සිටි හැත්තැ දෙහැවිරිදි කාන්තාවකගේ ඇස් වල මිරිස් කුඩු තවරා ගෙල සිර කර රුපියල් 348000 වටිනා රන් මාලය කඩා ගත් බව කියන කාන්තාවක් බෝගහකුඹුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 23 February 2023
එන සුමානේ අලුත් මැතිවරණ කොමිසමක් අලුතෙන් මැතිවරණ කොමිසමක් පත්කර හෝ මැතිවරණය තබන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසීය. 23 February 2023
ව්‍යාපාරිකයන්ට පොත දමා ලක්ෂ ගණන් ගරලා මෙරට ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශන සමාගමක එජන්තවරයකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රෙද්ශවල ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් රවටා රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 23 February 2023
ගොවි ගිණුම් අංක වෙනස් කළ නිලධාරීන් ගැන විමර්ශන මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට සහන සැලසීමට ආසියා සංවර්ධන බැංකුව විසින් ලබා දුන් මුදල් ගිණුම් වලට බැර කිරීමේ දී හිතාමතා වැරදි ගිණුම් අංක දුන් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හා තාක්ෂණ නිලධාරින් 11 දෙනනු සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 23 February 2023
පාඨලී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලියයි ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලදැයි විමසමින් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබේ. 23 February 2023
ඇමරිකාව චීනයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල ණය ගැටළුව විසඳීම සඳහා චීනයට අනිකුත් ණය හිමියන් සමඟ එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ඉන්දියාවේ බැංගලෝරයේ පැවති ජී20 සාමාජික රටවල හමුවකදී ප්‍රකාශ කර ඇත. 23 February 2023
වසන්ත මුදලිගේ අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප දෙනකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. 23 February 2023
මාරවිල නීතීඥ සංගමයට නව නිලධාරීන් මණ්ඩලයක් මාරවිල අධිකරණ නීතීඥ සංගමයේ 2023/2024 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස නීතිඥ වරුණ චන්ද්‍රනාත් වීරසිංහ මහතා වැඩි ඡන්දයෙන් තේරි පත් විය. 23 February 2023
රට යන නිලධාරීන්ට චක්‍රලේඛයක් රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී සියලුම රාජ්‍ය නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. 23 February 2023
ශිෂ්‍ය භික්ෂූහු ඇමැති නිල කාමරය වටලති බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩාවැඳුණු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසුන් පිරිසක් විරෝධතාවක නිරත වෙති. 23 February 2023
පුංචි ඡන්දයට එරෙහි පෙත්සම් විභාගය කල්යයි පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම වලක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර් විජේසුන්දර ගොනු කල රිට් පෙත්සම මැයි 11 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. 23 February 2023
රේගුවේ රඳවාගත් පිළිකා යන්ත්‍රයේ කොටස් දෙයි පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සදහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවාගෙන තිබූ උපකරණ තොගය වහාම නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 23 February 2023
කෝප් කමිටුවට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට දෙවැනි වරටත් වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය. 23 February 2023
වාහන අමතර කොටස් මිල සියයට 300 කින් ඉහළට වාහන අමතර කොටස් මිල සියයට 300 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යෑම හේතුවෙන් වාහන හිමියන් සහ වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 23 February 2023
එංගලන්ත තරුණියට අතවර කළ ධීවරයා අල්ලයි එංගලන්ත ජාතික තරුණ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන 38 හැවිරිදි ධීවරයෙකු කිරින්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 23 February 2023
’’පළාත් පාලන මෘත දේහය වික්‍රමසිංහ මල් ශාලාවේ’’ පළාත් පාලන මැතිවරණය නැමැති මෘත දේහය අද තියෙන්නෙ වික්‍රමසිංහ මල්ශාලාවේ බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 February 2023
මයන්ත මුදල් කාරක සභාවට මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත් කිරීමට තේරීම් කාරක සභාව අද තීරණය කළේය 23 February 2023
බිත්තර ලක්ෂ 20ක් සෙනසුරාදා එයි දේශීය වෙළෙඳපොල තුළ බිත්තර මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්ෂ 20 ක් රැගත් නෞකාව ලබන සෙනසුරාදා රාත්‍රී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026