(විමුක්ති එස් රුද්‍රිගු)
තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතෙකු වන සක් සුරින් නැවතත් තායිලන්තයට ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය සොයා බලමින් සිටින බවත් සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමේ අදහස තායිලන්ත රජය ඉවත දමා නොමැති බවත් එරට මාධ්‍ය වාර්තා කර ඇත .
සක් සුරින් ගේ මෙරට භාරකරුවන් සක් සුරින් නිසියාකාරයෙන් රැක බලා නොගන්නා බවට සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයක් පසුගිය වසරේ පල කළ වාර්තාවක් සමඟ තායිලන්ත රජය සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමේ තීරණයට එළඹුණු බව එරට මාධ්‍ය පෙන්වා දී තිබේ.
තායිලන්ත රජය සක් සුරින් ගේ තත්ත්වය පිළිබඳ දැනුවත් වූවත් සක් සුරින්ගේ විශාලත්වය සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නැවත සක් සුරින් තායිලන්තයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එරට රජයට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇතැයි තායිලන්ත මාධ්‍ය සඳහන් කර ඇත. සී-130 ප්‍රවාහන ගුවන් යානයක් භාවිත කරමින් සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීම මූලික සැලැස්ම වූ බව ඒ පිළිබඳ අදහස් දක්වමින් එරට ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරවුට් ශිල්ප ආචා මහතා ප්‍රකාශ කර තිබේ.
සී-130 ප්‍රවාහන ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන කොටසට සක් සුරින් ගේ විශාලත්වය හේතුවෙන් සක් සුරින් ඇතුල් කිරීමට නොහැකි වීම නිසා එම අදහස් අතහැර දැමූ බව අමාත්‍යවරයා පවසා ඇත.තවත් විකල්පයක් ලෙස සක් සුරින් ගෙන්වා ගැනීමට නෞකාවක් එවීමට තායිලන්ත රජය සැලසුම් කළත් ගමනට සති දෙකක් ගත වන බැවින් එය තුවාල ලබා සිටින සක් සුරින් ගේ සෞඛ්‍ය තත්ත්වයට යහපත් නොවන බැවින් එම විකල්පයද අත්හැර දැමූ බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒ හේතුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යංශය හා එක්ව ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍යංශය සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පවසා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සක් සුරින් යළි තායිලන්තයට
අරවින්ද මොනරවිල Monday, 24 April 2023 02:07 PM
අලියෙක්වත් බලාගන්න බැරි රටක් වෙලා මේක...!
Isuru Monday, 24 April 2023 02:13 PM
මේ වගේ රටවල්වලට මොන අලි ඇත්තුද මහත්තයෝ?
Akila Monday, 24 April 2023 02:32 PM
වස ලැජ්ජාව..., නමට විතරක් බෞද්ධ රට...
චන්දන Monday, 24 April 2023 03:35 PM
අපේ අයට කිසිම ලැජ්ජාවක්, හිරිකිතයක් නැහැ. මෙහෙම නින්දාවන්ට වඩා බරපතල නින්දා දැනටත් අත්විඳලා තියෙනවා. අනෙක ලංකාවේ අලි ඇතුන්ට සලකන විදිය ලෝකේම දන්නවා...