
(ටී.කේ.ජී.කපිල)
අවුරුදු නවයෙන් පහල ලෝක චෙස් ශූරතාව දිනූ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් කිරින්ඩො සිසුවා අද සිය රන්පදක්කමද රැගෙන දිවයිනට පැමිණියේය.
ග්‍රීසියේ රෝඩ්ස් නුවර පැවති ලෝක පාසල් චෙස් තරගාවලිය - 2023 සදහා වයස අවුරුදු 09 න් පහළ අංශයෙන් තරග කළ තෙහස් කිරින්ගොඩ එම අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.
මෙම තරගාවලිය සදහා රටවල් 24 ක ක්‍රීඩකයන් 61 දෙනෙක් සහභාගී වූහ.
ඔහු පිළිගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග , ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ සභාපති සේනක සමරතුංග, කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති නුවන් ප්‍රියන්ත ඇතුළු එම පාසලේ මාපියන් සහ සිසු දරුවන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
තෙහස් කිරින්ගොඩ සිසුවා මාධ්‍යයට අදහස් දක්වමින් තමන් ඉදිරියේදී ග්‍රෑන්ඩ් මාස්ටර් (Grand Master) තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට අපේක්ෂා කරන බව පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ නුඹට සුබම සුබ අනාගතයකට සුබාශිංසනය කරන අතර ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවායි පතමි.
ඔබ නම් ජගතෙක් තෙහස්. ඔබට ජයෙන් ජය!
සුභ පැතුම් පුතා. බුදු සරණයි ඔයාට
ආදරණීය පුතේ. මගේ හද පිරි සුභ පැතුම් සමඟින් ඔබට දීර්ඝායුෂ ලැබේවා.! !!!