
(කුෂාන් ජයවර්ධන)
ගොවින්ගේ ගැටලු හදුනාගෙන ඉදිරියේදි එම ගැටලු සම්බන්ධයෙන් ග්‍රිලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා දීමට බලාපොරොත්තුවන බව ඇමරිකානු තානාපතිණි ජූලී ජේ චන්ග් මහත්මිය පැවසුවාය.
හබරණ පලුගස්වැව ගොවි බිම් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් තානාපතිවරිය මේ බැව් අද (24) දහවල් පැවැසුවාය.
ඇමරිකානු ආධාර යටතේ ලබා දුන් පොහොරවල ගුණාත්මක භාවය පරික්ෂා කිරීම සදහා තානාපතිවරිය වගා භූමි වෙතට ගොස් පැල ගොයම පරික්ෂා කළ අතර එහිදී තානාපතිවරිය ගොවීන් සමග සුහද කතාබහකද නිරත වූවාය.
ගොවිබිම් නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු තානාපතිවරිය මෙසේ පැවැසුවාය. මෙම සංචාරයේ දී ලංකාවේ ගොවින් මේ වන විට මුහුණ පා ඇති ගැටලු රැසක් හදුනාගත්තා. ප්‍රධාන වශයෙන් මෙරට ගොවීන් පොහොර ගැටලුව නිසා පීඩාවට පත්ව සිටිනවා, එයට විසදුමක් ලෙස ලෝක කෘෂිකර්ම හා ආහාර සංවිධානය හරහා මෙරට ගොවින්ට පොහොර ලබාදීමට කටයුතු කළ යුතුයි.
ඉදිරියේදි ගොවින්ගේ ගැටලු හදුනාගෙන එම ගැටලු සම්බන්ධයෙන් ග්‍රි ලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා දීමට බලාපොරොත්තු වනවා. බ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුමි කාර්යක් ඔබතුමියට සියලු දෙවි පිහිට ලැබෙිවා
මඩට බහින්න විතරක් නෙවෙයි .. මඩ කන්නත් සිද්ද වෙලයි තියෙන්නේ ..
ඇත්තටම ලංකාව කොයි කොයි රටේ ප්‍රාන්තයක්ද කියලා කියනවද
ලංකාවෙ දේශපාලුවන්ට හා ඉහළම පංතිවල නිළධාරින්ට කනට පහරක් ගහල කියලා හිතෙනවා මොකද ලංකාවෙ ආරම්භ කරන කිසිම වැඩක් පසුවිපරමක් කරන්නෙ නැහැ එයින් වෙන්නෙ ජනතා මුදල් ට්‍රිලියන කෝටි ගණනින් නාස්තියක් වීම පමණයි තානාපතිතුමිය ඔවුන් ලබාදුන් පොහොර පාවිච්චියට ගන්නවාද නැද්ද ප්‍රගතිය පරීක්ෂා කරනවා ලංකාවෙ දේශපාලුවො කොමිස් කුට්ටිය ලැබුනු පසුව තවත් කොමිස් කුට්ටියක් ගැනීමට ක්‍රමයක් හදනවා මිස හදපුදේ බලන්නෙ නැහැ පොඩි උදාහරණයක් කිව්වොත් ප්‍රේමදාස ජනාධිපති හම්බන්තොට ප්‍රදේශයේ හදපු නිවාස ව්‍යාපෘතියකට වතුර නැහැ කියලා පුවතක් දැක්කා නිවාස අධිකාරිය මෙන්ම හිටපු නිවාස ඇමති වත්මන් විපක්ෂ නායකවත් ඒවා බලන්නෙ නැහැ ඉතින් මෙහෙම ප්‍රගතියක් නොබලන පසුවිපරමක් නොකරන රටක අවුරුදු 75 නොවෙයි 750 ක් ගියත් සංවර්ධනය වුනු රටක්නම් හදන්න අමාරුයි මම නම් හිතන්නේ ලංකාවෙ පාලනය සදහා අවශ්‍ය වෙන්නෙ මේ තානාපතිතුමිය වගේ දුරදිග සිතන්න හැකියාව තියෙන කෙනෙක් තමයි
ජුලී චෑං මොන පක්ෂෙන්ද ඊළග මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ…?
ඇමෙරිකානු තනාපතිනියට තියෙන උනන්දුව අපේ නිලදාරීන්ටයි, දේශපාලකයින්ටයි අවන්කවම තියෙනවාදැයි කියන එක ලොකු ප්‍රශ්නයක් ?
ප්‍රායෝගිකව කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියෙකි . ආඩම්බරයි. මෙතුමිය , අප රටේ ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්ටද ආදර්ශයකි. මන්ද මෙරට රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා ප්‍රායෝගිකව ජනතා ප්‍රශ්ණ ගැටළු සොයා බැලීමක් සිදු නොකරන අතර පැය අටේ සේවා කාලය කාර්යාල ශීත කාමර තුල ගත කිරීමට හුරුව සිටින ආකාරයක් පෙනෙන්නට ඇත.
මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන වග අපේ පැරැණියන් අපට උගන්වා ඇති බව පමණක් ජුලී නෝනාට හුරේ දාන කොාමන්ටුකරැවන්ට මතක් කර දෙමු.