IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හබරණ කුඹුරට බැස්ස තානාපතිනිය

(කුෂාන් ජයවර්ධන)

ගොවින්ගේ ගැටලු හදුනාගෙන ඉදිරියේදි එම ගැටලු සම්බන්ධයෙන් ග්‍රිලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා දීමට බලාපොරොත්තුවන බව ඇමරිකානු තානාපතිණි ජූලී ජේ චන්ග් මහත්මිය පැවසුවාය.

හබරණ පලුගස්වැව ගොවි බිම් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් තානාපතිවරිය මේ බැව්  අද (24) දහවල්  පැවැසුවාය.

ඇමරිකානු ආධාර යටතේ ලබා දුන් පොහොරවල ගුණාත්මක භාවය පරික්ෂා කිරීම සදහා තානාපතිවරිය වගා භූමි වෙතට ගොස් පැල ගොයම පරික්ෂා කළ අතර එහිදී තානාපතිවරිය  ගොවීන් සමග සුහද කතාබහකද නිරත වූවාය.

ගොවිබිම් නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු තානාපතිවරිය මෙසේ පැවැසුවාය. මෙම සංචාරයේ දී ලංකාවේ ගොවින් මේ වන විට මුහුණ පා ඇති ගැටලු රැසක් හදුනාගත්තා.  ප්‍රධාන වශයෙන් මෙරට ගොවීන් පොහොර ගැටලුව නිසා පීඩාවට පත්ව සිටිනවා, එයට විසදුමක් ලෙස ලෝක කෘෂිකර්ම හා ආහාර සංවිධානය හරහා මෙරට ගොවින්ට පොහොර ලබාදීමට කටයුතු කළ යුතුයි.

ඉදිරියේදි ගොවින්ගේ ගැටලු හදුනාගෙන එම ගැටලු සම්බන්ධයෙන් ග්‍රි ලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා දීමට බලාපොරොත්තු වනවා.  බ



අදහස් (8)

හබරණ කුඹුරට බැස්ස තානාපතිනිය

Rajeev Monday, 24 April 2023 11:55 PM

උතුමි කාර්යක් ඔබතුමියට සියලු දෙවි පිහිට ලැබෙිවා

:       2       6

පොඩිඑකා Tuesday, 25 April 2023 05:02 AM

මඩට බහින්න විතරක් නෙවෙයි .. මඩ කන්නත් සිද්ද වෙලයි තියෙන්නේ ..

:       0       3

sam Tuesday, 25 April 2023 07:20 AM

ඇත්තටම ලංකාව කොයි කොයි රටේ ප්‍රාන්තයක්ද කියලා කියනවද

:       3       6

මොහොට්ටාල Tuesday, 25 April 2023 08:00 AM

ලංකාවෙ දේශපාලුවන්ට හා ඉහළම පංතිවල නිළධාරින්ට කනට පහරක් ගහල කියලා හිතෙනවා මොකද ලංකාවෙ ආරම්භ කරන කිසිම වැඩක් පසුවිපරමක් කරන්නෙ නැහැ එයින් වෙන්නෙ ජනතා මුදල් ට්‍රිලියන කෝටි ගණනින් නාස්තියක් වීම පමණයි තානාපතිතුමිය ඔවුන් ලබාදුන් පොහොර පාවිච්චියට ගන්නවාද නැද්ද ප්‍රගතිය පරීක්ෂා කරනවා ලංකාවෙ දේශපාලුවො කොමිස් කුට්ටිය ලැබුනු පසුව තවත් කොමිස් කුට්ටියක් ගැනීමට ක්‍රමයක් හදනවා මිස හදපුදේ බලන්නෙ නැහැ පොඩි උදාහරණයක් කිව්වොත් ප්‍රේමදාස ජනාධිපති හම්බන්තොට ප්‍රදේශයේ හදපු නිවාස ව්‍යාපෘතියකට වතුර නැහැ කියලා පුවතක් දැක්කා නිවාස අධිකාරිය මෙන්ම හිටපු නිවාස ඇමති වත්මන් විපක්ෂ නායකවත් ඒවා බලන්නෙ නැහැ ඉතින් මෙහෙම ප්‍රගතියක් නොබලන පසුවිපරමක් නොකරන රටක අවුරුදු 75 නොවෙයි 750 ක් ගියත් සංවර්ධනය වුනු රටක්නම් හදන්න අමාරුයි මම නම් හිතන්නේ ලංකාවෙ පාලනය සදහා අවශ්‍ය වෙන්නෙ මේ තානාපතිතුමිය වගේ දුරදිග සිතන්න හැකියාව තියෙන කෙනෙක් තමයි

:       2       9

පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 09:06 AM

ජුලී චෑං මොන පක්ෂෙන්ද ඊළග මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ…?

:       4       6

Bunny Preena Tuesday, 25 April 2023 09:33 AM

ඇමෙරිකානු තනාපතිනියට තියෙන උනන්දුව අපේ නිලදාරීන්ටයි, දේශපාලකයින්ටයි අවන්කවම තියෙනවාදැයි කියන එක ලොකු ප්‍රශ්නයක් ?

:       1       4

පුරවැසියෙක්..... Tuesday, 25 April 2023 09:45 AM

ප්‍රායෝගිකව කටයුතු කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියෙකි . ආඩම්බරයි. මෙතුමිය , අප රටේ ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්ටද ආදර්ශයකි. මන්ද මෙරට රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා ප්‍රායෝගිකව ජනතා ප්‍රශ්ණ ගැටළු සොයා බැලීමක් සිදු නොකරන අතර පැය අටේ සේවා කාලය කාර්යාල ශීත කාමර තුල ගත කිරීමට හුරුව සිටින ආකාරයක් පෙනෙන්නට ඇත.

:       1       4

මැක්ස් Tuesday, 25 April 2023 10:23 AM

මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන වග අපේ පැරැණියන් අපට උගන්වා ඇති බව පමණක් ජුලී නෝනාට හුරේ දාන කොාමන්ටුකරැවන්ට මතක් කර දෙමු.

:       7       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site