
(රංජන් කස්තුරි)
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධවර්ග 119ක හිඟයක් පවතින අතර එය ඉකුත් මාසවල පැවැති ඖෂධ හිඟයට සාපෙක්ෂව යහපත් තත්වයකැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා පවසයි.
රෝහල්වල සාමාන්‍යයෙන් ඖෂධවර්ග 383ක් පමණ භාවිතා කර අතර ඉන් ඖෂධවර්ග 25ක පමණ ප්‍රමාණයක් මේ වනවිට හිඟව තිබෙන බව ද සමන් රත්නායක මහතා කීය.
රටපුරා සියලු රෝහල්වල ඖෂධ වර්ග 1347ක් භාවිත කරන අතර ඉන් ඖෂධ වර්ග 14ක් ජීවිතාරක්ෂක ඖෂධ බව ද පැවසු සමන් රත්නායක මහතා එම ජීවිතාරක්ෂක ඖෂධවල කිසිදු හිඟයක් මේ වන විට නැතැයි ද කීවේය.
මේ වසරේ ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් කෝටි 115ක මුදලක් වෙන්කර තිබෙන බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගබඩාවල බෙහෙත් වර්ග 119ක් හිඟයි
ravin Tuesday, 25 April 2023 06:02 AM
ඕන් ආයෙත් වැල්ලෙ බම්බරෙ වැල්ලෙ කැරකෙන්නයි යන්නෙ.