කඳවුරෙන් අතුරුදන් වූ සෙබළා බසයක් සොරාගද්දී මාට්ටු කළගෙඩිහේන ප්‍රදේශයේ හෝටලයක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා බස් රථයක් අද (29) පාන්දර සොරා ගෙන යමින් සිටි සැකකාර සෙබළෙක් අවට සිටි පිරිසක් විසින් අල්ලා භාර දුන් බව නිට්ටඹුව පොලීසිය පවසයි. 29 September 2022
කඩේ ලාච්චුවට බහින්න හැදූ සොරාට දුන් දඬුවම පිළියන්දල බටකැත්තර වෙළඳසැලක ලාච්චුවේ තිබූ මුදල් සොරා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු අල්ලා වෙළඳසැල ඉදිරිපිට යකඩ කණුවක බැඳ තබා තිබෙන අයුරු අද පෙරවරුවේ දක්නට ලැබුණි 29 September 2022
සනත් නිශාන්තට සිතාසි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය (29) සිතාසි නිකුත් කළේය. 29 September 2022
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට වෙනම දිනයක් මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විමසීම සඳහා ලබන 3 වැනිදා සඳුදා දිනය සම්පූර්ණයෙන්ම වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 29 September 2022
මියන්මාර රූ රුජින කැනඩාවට මියන්මාරයේ හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් හමුදා රජයේ උදහසට ලක් වී සිටි මියන්මාර රූ රැජින හැන් ලේ, තායිලන්තයේ සිට කැනඩාව බලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 September 2022
22 ව්‍යවස්ථා විවාදයට දින දෙයි විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන මස 6 සහ 7 දෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 29 September 2022
සූර්ය බලයෙන් විදුලිය හදන ව්‍යාපෘතියක් අරඹයි අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. 29 September 2022
ජෝ බයිඩන් මැරුණු මන්ත්‍රීවරියට අඬගහලා සම්මන්ත්‍රණයකට සහභාගී වී සිටිද්දී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මියගිය මන්ත්‍රීවරියක එම සම්මන්ත්‍රණයේ සිටිනවාදැයි විමසීම රැස්ව සිටි කාගේත් පුදුමයට හේතුවක් විය. 29 September 2022
‘ඉයන්’ සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තය කලඹයි කාලගුණ විද්‍යාඥයන්, ‘ඉයන්’ යන නමින් නම් කළ හරිකේන් සුළි කුණාටුව, මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදුණි. 29 September 2022
ගම්පහ බාහිර ප්‍රතිකාර පරිගණකගත ක්‍රමයට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ කටයුතු පරිගණකගත කරමින් රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සහ නව අක්ෂි ශල්‍යාගාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි. 29 September 2022
ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ ගින්නක් ආනවිළුන්දාව රැම්සා කුරුළු අභය භූමියේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 40 – 50 ක පමණ අතර ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව ආනවිළුන්දාව වන ජීවී කාර්යාලය පවසයි. 29 September 2022
වැඩිහිටි දීමනාවට බාලගිරි දෝෂය රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව මෙතෙක් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරති. 29 September 2022
දරුවන් ගැන සොයන්න ගම්පහින් අලුත් වැඩක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි සියලුම පාසල් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට නිලධාරියකු බැගින් පත් කර ඇතැයි ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්‍යානන්ද මහතා පැවසීය. 29 September 2022
තැනින් තැනට විටින් විට වැසි සබරගමුව පළාතේ හා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 September 2022
පත්තරෙන් පෙන්වන ජනතා දුක් ගැන හොයන්න ඒකකයක් ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පළවන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ ස්ථාපිත කෙරිණි. 28 September 2022
යූරෝ මිලියන 1.5ක් යුරෝපා සංගමයෙන් දෙයි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සමාජයීය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති මිලියන ගණනක ජනතාවට සහාය වීම සඳහා යුරෝ මිලියන 1.5 (ශ්‍රී ලංකා රුපියල් 558128456) ක මුදලක් යුරෝපා සංගමය නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 28 September 2022
ජපානයේ දී රනිල් -මෝදි හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබේ. 28 September 2022
උගන්ඩා ජාතිකයාගේ උදරයෙන් කෝටියක ‘කොකේන්’ එළියට ගනී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ගුලි ලෙස ගිල ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ උගන්ඩා ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදන්ත සිල්වා මහතා පැවසීය. 28 September 2022
’’ජාතික සභාවට සහභාගී වෙන්නේ නෑ’’ මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට හෙට(29) දිනයේ තමන් සහභාගී වන බැවින් හෙට පැවැත්වෙන ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 28 September 2022
වාහන කීපයක මිල වේගයෙන් පහළට රට තුළ ඇතැම් වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට පැවසීය. 28 September 2022
“ආමි සුරංග” රිමාන්ඩ් විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියැයි මුල්ලේරියාව පොලීසිය අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බුද්ධික ප්‍රසාද් නොහොත් “ආමි සුරංග” නැමැත්තා සහ තවත් පුද්ගලයකු ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. මහවත්ත මහත්මිය අද (28) නියෝග කළාය. 28 September 2022
හෙටත් පැය දෙකක් විදුලිය නෑ පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (29) දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 September 2022
ජනපති කොමිසමෙන් නි. සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරට දුන් නිර්දේශ අහෝසියි දේශපාලන පලිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සම්බන්ධයෙන් ලබාදෙනු ලැබ ඇති සියලුම නිර්දේශ අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (28) රිට් ආඥාවක් නිකුත් කළේය. 28 September 2022
ලිට්රෝ ගෑස් ලෝක බැංකු ණයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවයි ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (28) පැවසීය. 28 September 2022
’’ශ්රීලනිපය ජාතික සභාවට එක්වන්නේ නැහැ’’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 28 September 2022
ජනපති ජපානයේ සිට පිලිපීනයට යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිට පිලිපීනයේ මැනිලා නුවරට අද (28)පැමිණියේය. 28 September 2022
අල්ලස් නඩුවකින් කෙහෙළියට ඇප තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් ඇප මත මුදාහැරීමට අද (28) නියම කළේය. 28 September 2022
උඩුවේ ධම්මාලෝක හිමිට නොතීසි පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමයේහි අධික ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් විවිධ තැටි ප්‍රචාරය කිරීමෙන් මහජන පීඩාවක් ඇතිවන බවට චෝදනා ලැබ සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලබන ඔක්තෝම්බර් 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (28) නොතීසි නිකුත් කළේය. 28 September 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) පෙරවරු 9.30ට පැවැත්වේ. 28 September 2022
වැලිකඩ රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත් වැලිකඩ බන්ධනාගාරයේ ‘සුචරිතෝදය’ දහම් පාසලේ අධ්‍යාපනය ලැබූ සිරදඩුවම් විදිය රැඳවියන් සිවුදෙනකු ධර්මාචාර්ය විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 28 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026