
( බිමල් ශ්‍යාමන් ජයසිංහ,සුමිත් පොතුපිටිය සහ නිමාලි කහවල)
බුද්ධි අංශ වලට ලද තොරතුරක් අනුව ගිනි අවි නිශ්පාදනය කරන පුද්ගලයෙකු ජීව උන්ඩ සහ ගිනි අවි කොටස් සමඟ අත්අඩංගුවට ගත්බව ඉංගිරිය පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය නම්බපාන ගම්මාන පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි.
හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක කාර්මිකයෙකු ලෙස සේවය කරන පුද්ගලයකු සිය නිවෙස තුළ නිවෙස තුළ රහසිගත ලෙස ගිනි අවි නිෂ්පාදනයේ යෙදෙන බවට බස්නාහිර පළාත් බුද්ධි සහ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී කියූ උන්ඩ සහ ගිනි අවි කොටස් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරු සමඟ ටි 56 උණ්ඩ 09, ක් ,නයින් එම්.එම් උණ්ඩ 06, පොයින්ට් 2 2 උණ්ඩ 01, පතුරම් බහාලිම සදහා භාවිතා කරන කොපුවක් , මන්නා පිහි 02 ක්, ගිනි අවි සැදිම සදහා සකස් කල බවට අනුමාන කල හැකි යකඩ බට 03 ක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු ටී 56 උණ්ඩ සහ මිලිමිටර් 9 උන්ඩ යෙදිය හැකි ආකාරයට ඉතා සූක්ෂම ලෙස ගිනි අවි වලට අවශ්‍ය කොටස් නිෂ්පාදනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය
සැකකරු නිෂ්පාදනය කළ ගිනි අවි අපරාධකරුවන් අතර මුදලට අලෙවි කර ඇත්ද යන්න වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය
43 හැවිරිදි සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේන් හරි, රුසියාව හරි දන්නවා නම් පටගාලා වීසා දීලා ජොබ් එකකුත් දෙනවා.
මොහුට උදව්කර මොහුගෙන් හමුදාවට සේවයක් ගන්න. දක්ෂතාවය පමණක්ම සලකන්න.....