(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (22) පැවැත්වූ මහා සභා රැස්වීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත් එම මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධී බව ප්‍රකාශ කිරීමට සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම රැස්වීමේදී ගන්නා ලද සියලුම තීරණ ශුන්‍ය සහ ක්‍රියාවිරහිත වන බවත් ඒවාට කිසිම වලංගුතාවක් නොමැති බවත් පීරිස් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.