(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව  සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ  පත්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල,  නෙළුම් මාවත,පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වීණි.

 මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ඒ අනුව  නව සභාපතිවරයෙක් තෝරා ගත්තේය.

සෙසු හිටපු නිලධාරීහු නැවත එම තනතුරුවලට පත් වූහ.

පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ මහසභාවේ ඒකත් ඡන්දයෙන් පත්කර ගත්හ.