(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ පත්වූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවත,පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වීණි.
මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ඒ අනුව නව සභාපතිවරයෙක් තෝරා ගත්තේය.
සෙසු හිටපු නිලධාරීහු නැවත එම තනතුරුවලට පත් වූහ.
පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ මහසභාවේ ඒකත් ඡන්දයෙන් පත්කර ගත්හ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොහොට්ටුවට නව සභාපතිවරයෙක්
නිලන්ති Saturday, 22 April 2023 12:42 PM
පොහොට්ටුව ශාසනේට පූජා කළා කියන්නේ ඉතින් අබසරණ තමයි. ඔය 69 ලක්ෂයේ අතර හිටපු හොඳම දේශපාලකයා...!
sadakan ramanayake Saturday, 22 April 2023 01:12 PM
මේ අය කිට්ටු කරගෙන මොන පක්ෂ හැදීමක්ද? මේ අයට ආගමික වැඩ කරගෙන ඉන්න නොදී... රාජපක්ෂලාට ආගමෙන් තොර දේශපාලනයක් කරන්නම බැරිද? ආගම් මාෆියාවෙන් පෙළෙන අමන මිනිස්සු ඔය රාජපක්ෂ කඳවුරේ ඉන්නේ...
කුලතිලකSaturday, 22 April 2023 06:35 PM
රාජපක්ෂලා දේශපාලන කටයුතු ලොකුවට කරන්න ගත්තේ ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය සමගයි... ඉතින් එම පක්ෂය ආරම්භ කළේම පචමහා බලවේගය සමග නිසා එහි එක් බලවේගයක් වෙන්නේ ආගම ඈඳාගැනීම තමයි. සැරයටියෙන් යද්දී එම පක්ෂය අතෑර සිටියත් තරුණ කාලයේ සිද්ධි අමතක කරන්න බැහැනේ...
PODDA Saturday, 22 April 2023 03:42 PM
හොඳ තෝරාගැනීමක්. මොකද ඊළඟ ඡන්දෙදී පොහොට්ටුවේ පාංශුකූලය දෙන්න... හාමුදුරු නමක් නැතිව හිටියේ. අලුත් සභාපති ඉන්නවනේ...!
පිටිගල මිලානෝ Saturday, 22 April 2023 04:39 PM
දම්පාට පොහොට්ටුව වෙනුවට කහපාට පොහොට්ටුවක්…
Wije Saturday, 22 April 2023 04:54 PM
ඕක මොකක්ද? හිට්ලර් ඕනෙ කියලු පොරවල් හිටියේ ඒ දවස්වල. රටට, ජනයාට හෙණ ගැහිලා ගියත් මේ අයට මොකද?
ගමේ එකාලා Saturday, 22 April 2023 05:56 PM
පොහොට්ටුවේ සභාපතිකමට වෙන හරිහමන් කෙනෙක් නැතුව ඇති. වැඩිහරියක් රටකාපු හොරුනේ ?
ඇබිත්තෙයාSunday, 23 April 2023 06:33 AM
කුණුගොඩකට තවත් කුණු එකතුවීම තමයි වෙලා තියෙන්නෙ කුණු ගොඩක් තියෙන තැනකට හොද දෙයක් එකතුවෙන්නෙ නැහැනේ එතකොට මේ උන්නාන්සේට පංසලක් නැතුව ඇති. තියෙනවා ඇත්තේ අසපුවක් වෙන්න ඇති. බණට කියනවා ඇත්තේ දේශපාලන කතා වෙන්න පුළුවන්. ඉද ඉද එක වෙහෙර විද විද දහම් මනහර සිද බිද දුක් සසර අනේ දෙව්දත් නොදිටි මොක්පුර මට මතක් වෙන්නෙ සිදුහත් රජතුමා සියලු සම්පත් හැර මහනවෙලා ධර්මය මෙනෙහි කළා මුන්දැ මහනවෙලා රජකම් කරන්න හදනවා. ඒක බුදුහාමුදුරුවෝ ගියමගට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත නොවෙයි නේද?
Manoj H Saturday, 22 April 2023 06:03 PM
උණුසුම් සුබපැතුම්...!
නිම්නද Saturday, 22 April 2023 10:22 PM
අනිච්චා වත සංකාරා...
Kumara Saturday, 22 April 2023 11:28 PM
පව් බං.
Janahitha Sunday, 23 April 2023 03:09 AM
කසාවත කුලියට පොරවාගෙන ?
Jayalath Sunday, 23 April 2023 05:25 AM
මෙයාලා ඉන්නෙ ධර්මය දේශනාකරන්නද නැතුව දේශපාලනය කරන්න ද ? දානෙවත් දෙන්න එපා.
vidya Sunday, 23 April 2023 07:53 AM
ඕකට අබේතිස්ස දාගන්න තිබුණේ.
Rata Perata Sunday, 23 April 2023 12:13 PM
චීවරය පැත්තකින් තියලා ආවානම් තමයි හොඳ... අපේ ආච්චි කියනවා සිවුරේ කවුරු හිටියත් සිවුරට ගරු කරන්න කියලා...
Pradeep Kumara Sunday, 23 April 2023 12:56 PM
අර්ථයෙන්, ධර්මයෙන් උපදෙස් දෙන්න වෙන්න ඇති. රටත් ඉවරයි, ජාතියත් ඉවරයි, ආගමත් ඉවරයි.
ඇබිත්තියා Sunday, 23 April 2023 03:38 PM
අපේ ගෞරවනීය හාමුදුරුවන්ගේ ශාස්ත්‍රිය දැනුමට, එම බුද්ධියට මගේ උත්තමාචාරය. මම නිහඬවෙමි.