(සමන් පාලිත නානායක්කාර)
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ විශේෂ දුම්රියේ පැමිණි 15 හැවිරිදි පිරිමි දරුවකු අද 22 සවස ඔහිය ඉදල්ගස්හින්න අතර දී දුම්රියෙන් ඇදවැටී තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසුවේ පාපුවරුවේ ගමන් කරමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඕහිය ඉදල්ගස්හින්න අතර ඇති බිංගෙයක වැදී දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.
තුවාල ලබා සිටි දරුවා එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානයට රැගෙනවිත් 1990 සුවසැරිය ගිලන් රියකින් ඔහු දියතලාව මූලික රෝහල වෙත රැගෙන ආ බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd