(සුජිත් හේවාජුලිගේ )
අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව සංවිධානය කළ සංවිධායකවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කර ඇත.
එම උත්සව සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් යොදවා තොරතුරු සොයා බලා ගෙන යන බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි.
අසීලාචාර අංග ඇතුළත් අවුරුදු උත්සව ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වා ඇති බවට බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.
ලිංගික ක්‍රියාකාරකම් ඉස්මතු වන ආකාරයේ විශේෂාංග ඇතුළත් කරමින් එම අවුරුදු උත්සව සංවිධානය කර තිබූ බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ශිලාචාර අයනේ මේ දඬුවම් දෙන්න යන්නේ...!
වර්ථමාන දියුණු තාක්ෂණයේ නරක ප්‍රතිඵල... වඳුරන්ට දැළිපිහි අහුවුණා වගේ තමයි අමනයින්ට අන්තර්ජාලය. ඒවගේ තියෙන හොඳ නරක තෝරාගන්න බැරිව තමනුත් විනාශ වෙලා... සමස්ථ සමාජයම විනාශ කරනවා. ඔවුන්ට දඬුවම්දී, නැවත එවන් දේ නොවන්නට වගබලා ගැනීම පාලකයින් ගේ වගකීම....
ඉතාම හොඳයි ඇමැතිතුමනි. සංස්කෘතිය කියන්නේ රටක අනන්‍යතාවයක්. ඒවත් කෙලසන නරුමයින්ට උපරිම දඬුවම් නොදුන්නොත් මේවා රැල්ලට ගිහිල්ලා තව මොනවා පෙන්නයිද දන්නැහැ...
එහෙම දේවල් කරන්නේ පහත් මානසිකත්වයක් තියෙන අසහනකාරයෝ...!
තම රටේ ජාතික උත්සවවලට මේ වාගෙ පහත් නීච වැඩ හා අදහස් ඉදිරිපත්කර ඒවා ක්‍රියාවට නන්වපු මේ අධමයින්ට දැඩි දඩුවම් දියයුතුමයි. මෙහෙම ගියොත් ජාතික උත්සව කානිවල් බවට පත්වෙයි. දළදාවහන්සේටත් මේ හැටිම දෙයක් වෙන්න ගියානේ. බටහිර රටවලවත් තම ජාතික උත්සවවලට අලුතින් වෙනස් අංග ඇතුල් කරන්නේ නෑ. සංස්කෘතික හා අධිකරණ ඇමැතිතුමන්ලාගේ අවධානයටයොමුවිය යුතුයි.
ඔබතුමා ඇතුළු පොහොට්ටු පිරිසට 2019 මැතිවරණය අවස්ථාවේ සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ලක්ෂ හැටනවයක් එකතුවෙලා පෝලිමේ ගිහිල්ලා මනාපය දුන්නේ මෙහෙම මිනිස්සු තමයි. එහෙම කරලා වැරැදිලා දැන් කියන්නේ අරුන්ට අපි දුන්නේම නැහැනේ, මේවාරේ අයට දෙනවා කියලා ඒ එක පිරිසක්වත් එහෙම තීරණ ගත්තාම සිදුවන අනිටු විපාක ගැන හිතන්නේ නැහැ. මෙහෙම දේවල් වෙන්නේ ලංකාවේ පවතින ජරාවට පත්වෙලා තියෙන දේශපාලන ක්‍රියාවන් හේතුවක් වෙනවා.
ඕක මනින්නේ මොන විදිහටද? මොකක්ද නිර්ණායකය...?
හොරණ පැත්තේ කට්ටිය වික්‍රමනායකලා ගතකල ශීලාචාර ජීවිතය ගැන දන්නවා. ඒක හින්දා වැඩිය හිතන්න ඕන නෑ ඔයාගේ කියමන්....
ඕවා කරන්නෙ… අපේ සන්ස්කෘතිය විනාශ කරන්න
සංවිධානය කරන එවුන්ටත් වඩා මේවට ඉදිරිපත් වෙන එවුන් තමයි පිස්සෝ .දේශපාලනය වගේමයි .ඕන එකෙකුට චන්දෙ ඉල්ලන්න පුළුවන් .චන්දෙ දෙන එක තමයි වැරදි .ඒ වගේ තමයි මේක .මිනිස්සුත් ඉන්නේ පුදුම අසහනයකින් .ඉතින් උන් මේ වගේ එකකින් හරි ඒක ලබනවා