
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ, පුල්ලුමලේ කොටසේ 2017වසරේදී සිදුවූ නාය යෑමෙන් අවතැන්ව සිටින පවුල් 07 ක් සදහා ස්ථීර වතු නිවාස ඉදිකර නොදීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට එම වතු කම්කරු ප්‍රජාව පවසති.
මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශය ඉස්මත්තේ පිහිටි බ්‍රවුන්ලෝ තේ වතුයාය මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය කෙරේ.
මෙම වතුයායේ, පුල්ලුමලේ කොටස පිහිටි ප්‍රදේශයට ඇද හැළුන ධාරා නිපාත වර්ෂාවත් සමග 2017.09.08 වන දින වතු නිවාස වලට ඉහලින් පිහිටි කඳුයායේ කොටසක නාය යෑමක් සිදු විය. නාය ගිය ස්ථානයේ පිහිටි විශාල ගල් පර්වතයක් කඩා වැටීමේ දැඩි අවධානම් තත්වයක එවක පැවති නිසා නාය ගිය ස්ථානයට පහළ වතු නිවාසවල පදිංචිව සිටි පවුල් 07 ක පාසල් ළමයින් ඇතුළු සාමාජිකයන් 20 දෙනකු නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ උපදෙස් අනුව එම ස්ථානයෙන් වතු පාලනාධිකාරිය මගින් ඉවත් කර බ්‍රවුන්ලෝ වතුයායේම ආරක්ෂක බිම් කොටසක තාවකාලික පදිංචිය සඳහා නිවාස ඉදිකිරීමට අවසර ලබා දී තිබුණි.
එම තාවකාලික වතු නිවාසවල පදිංචි වතු කම්කරු ප්‍රජාව අප සමග කියා සිටියේ, වතු පාලනාධිකිරිය මගින් තමන්ට තාවකාලිකව නිවාස ඉදිකර ගැනීමට දැනට පදිංචිව සිටින ස්ථානය ලබා දී මේ වන විට වසර 06 කට වැඩි කාලයක් ගතව ඇති බවය. එම තාවකාලික කුඩා නිවාස දැඩි ලෙස අබලන්ව පවතින බවත්, වැසි දිනවල වාසය කිරීමට නොහැකි තත්වයක් උදවී ඇති බවත් කියා සිටිති.
එම නිවාස සඳහා තාවකාලික විදුලිය ලබා දුන් බවත් එම විදුලි සැපයුම් දැඩි අනාරක්ෂිත තත්වයක පවතින බවත් කියා සිටිති. පානීය ජලය, මාර්ග පහසුකම් ඇතුළු ප්‍රමාණවත් පොදු පහසුකම් නොමැති කමින් තමන් දැඩි පීඩාවකට පත්ව සිටින බව පෙන්වා දෙන එම වතු කම්කරු ජනතාව, පාසල් හා ළදරු පාසල් යන තම දරුවන් මෙම තත්වයෙන් බලවත් අපහසුතාවයකට පත්ව සිටින බවද පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd