
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයට නැවත එකකර ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් අටදෙනකු ආණ්ඩුවට එක්ව කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරන අතර,ඔවුන් නැවත පක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී ඉකුත් දා පැවැත්විණි .
ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා,ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්පකුමාර ,චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර ,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂාන් විජයලාල් ද සිල්වා, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල සහ අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත.
ආණ්ඩුවේ තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ තනතුරු අත්හිටුවාඇති අතර ,ඔවුන්ට එම තනතුරු නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එසේ වුවද ඔවුන් ආණ්ඩුවේ තනතුරු දරමින් තවදුරටත් පක්ෂයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරකරන බැවින්, ආණ්ඩුවේ සිටියදීම නැවත පක්ෂයට සම්බන්ධ කරගත නොහැකි බව ශ්‍රීලනිප දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
මෙම තත්වය හමුවේ ඔවුන් නැවත පක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරයට වසර හතරයි.... මේ ප්‍රහාරය පිළිබඳව විදේශ බුද්ධි අංශ කල්වේලා ඇතුව දැනුම් දී තිබියදීත් එය වළකා ගැනීමට නොහැකි වූයේ මෝඩ පාලනය නිසයි. රටේ දේශපාලන වේදිකාවෙන් අතුගා දැමිය යුතුයි.
අත කැඩුවේ මරා... අත දෙකට කැඩුවේ මසිරිපාල...
අනේ ඇත්තට මේ දේසපාලුවෝ දන්න තරම් හැම උප්පරවැට්ටියක්ම දාන්නේ ආයේ ආයෙමත් බලයට එන්න මිසක් මේ රට දියුනුකරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනම් නෙමෙයි.