’’අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ’’ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විකල්ප යෝජනා ඇත්නම් ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 February 2023
ඒඩ්ස් විතරක් නොවෙයි පිළිකාවත් පරාජය කරලා එච්.අයි.වී පරාජය කළ ලොව 3 වැනි රෝගියා වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 21 February 2023
හිතුමතේට සම්මාන දීම වලක්වන්න යයි විවිධ ආයතන මගින් අවිධිමත් ලෙස ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 21 February 2023
ගුවන් පාලකවරුන් තවත් 50ක් බඳවා ගන්න යයි ගුවන් ගමන් පාලක වරුන් තවත් පනස් දෙනකු වහාම පුහුණුව සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙස වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමගමේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය. 21 February 2023
ජාතික ආරක්ෂක මණ්ඩලය නීතිගත කිරීමට යයි ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්ය් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 21 February 2023
අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක් මුහුණ වැසෙන සේ ලෝගුවකින් සැරසී පැමිණ අවිස්සාවේල්ල වැවිල කටුවාවිල නිවසක තනිව සිටි වයෝවෘධ කතක් බියකර රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීමකින් එම කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි 21 February 2023
මඩ පෝර නැව එන දිනය කියයි යල කන්නයට මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව ලබන මාසයේ 20 දිනට ආසන්න දිනක දී කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි. 21 February 2023
සේපාල් කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි බෞද්ධ ජනතාවගේ සිත් රිදවමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය . 21 February 2023
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද සවස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය. 21 February 2023
‘ඡන්දය ඉල්ලන මැතිසබා විරෝධයට ජවිපෙ නෑ‘ පළාත් පාලන මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තුවේ පැවැති විරෝධතාවයට ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි නොවීම විශේෂත්වයකි. 21 February 2023
මාලි රටේ රාජකාරියට ගිය හමුදා සෙබළා මරුට මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරත හමුදා සෙබලෙකු හදිසියේම රෝගාතුර වී මිය ගොස් ඇතැයි යුද හමුදාව පවසයි. 21 February 2023
මැතිසබය කල්තබයි පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 21 February 2023
මැතිවරණයක් ඉල්ලා සජබෙ උද්ඝෝෂණයක් අරඹයි වහා මැතිවරණයක් පවත්වන්න යැයි කියමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු මැති සමයේ දී උද්ඝෝෂණයක් ඇරැඹූහ. 21 February 2023
තුර්කි සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූමි කම්පාවක් තුර්කි සිරියා දේශසීමාවේ තවත් නව භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙසය. තුර්කි බලධාරීන් පැවැසුවේ මෙම නව භූමි කම්පාවෙන් තිදෙනකු මියගිය බවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත්ය. 21 February 2023
මුදල් කමිටු සභාපතිකම හර්ෂ ට ඉල්ලයි මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 February 2023
මුදල් කාරක සභාවට දහ දෙනෙක් රජයේ මුදල් කාරක සභාව සඳහා පත්කෙරුණු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 21 February 2023
සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කාන්තාව අල්ලයි පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මතුරට පොලිසිය පවසයි. 21 February 2023
මුහුණු පොතින් මිතුරු වූ හොර මිනිහාට දැරියත් දන් දීලා මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. 21 February 2023
කුඩා දරුවාට කසිප්පු පොවා කැත වැඩක් කරලා දහතුන් හැවිරිදි පාසල් සිසුවකුට කසිප්පු පොවා වෙරි වූ පසු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන පුද්ගලයෙක් හලාවත උඩප්පුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 21 February 2023
සජබ අපෙක්ෂකයා ලංවිම සේවකයාට පාට් දමලා විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්දි කිරිමට නිවසට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සාපරාදි බලහත්කාරය පෑමක් සිදුකල සමගි ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට නම් දුන් අපෙක්ෂකයකු අත්අඩංගුවටගත් බව හක්මන පොලිසිය පවසයි. 21 February 2023
අදින් පසු වැස්ස අඩුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්වය අදින් (21) පසු තරමක් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 February 2023
වාහන අලෙවි හල ගින්නට බිලි මහනුවර අකුරණ හතේකණුව ප්‍රදේශයේදී පිහිටි වාහන අමතර කොටස් අලෙවි ස්ථානයක ඊයේ හට ගත් ගින්නකින් එහි තිබූ වාහන අමතර කොටස් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 21 February 2023
මැතිවරණ වැඩට යැවූ පොලිසිය ඉවත් කරයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක පිහිටවනු ලැබූ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරිය යොදවන ලද පොලිස් නිලධාරීන් සියලුදෙනා තාවකාලිකව එම රාජකාරියෙන් ඉවත් කරගන්නා ලෙස විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 21 February 2023
‘‘මට රට යන්න දීපන් නැතිනම් මරණවා‘‘ ‘‘මට ලංකාවේ කෑම කන්න බෑ. මේ රටේ මට ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරණවා’’ යැයි රෝසා නෝනා ඔනේෂ් මහත්තයා එක්ක රණ්ඩු කරමින් පැවසූ බව ඔවුන්ගේ නිවසේ සේවිකාවක ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 20 February 2023
එන්නත විසවී තරුණයෙක් මරුට ඖෂධයක් එන්නත් කිරීමෙන් පසුව එය විෂවී තරුණයකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝගයක් නිකුත් කළාය. 20 February 2023
හොර ලියවිලි හදා ඩ්‍රෝනාවක් යවලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මගින් නිකුත්කරන ආරක්ෂක නිෂ්කාශන සහතිකයක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොතටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත. 20 February 2023
ලිට්රෝ ලොක්කෙක් තනතුරු දෙකක් දරලා ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයකු නිසි අනුමැතියකින් තොරව එම ආයතනයේ විධායක නිලධාරි තනතුර ද දරමින් තනතුරු දෙක සඳහාම වැටුප්, වාහන, ඉන්ධන දීමනා සහ විනෝදාස්වාද දීමනා ඇතුළුව මසකට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 20 February 2023
ලංකාවේ ණය ගෙවන්න සහනයක් දුන්න - චීනය චීන එක්සිම් බැංකුව දැනටමත් වසර දෙකක ණය සහනයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඉන් ශ්‍රී ලංකාවේ කෙටි කාලීනව ණය ගෙවීමේ පීඩනයට සහනයක් ලැබෙන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා අද(20) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ. 20 February 2023
බිත්තර වැඩිමිලට ගන්නත් නෑ වෙළෙඳපොළේ බිත්තර හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති. බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ ගැසට් පත්‍රයට අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් ද, රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක් ද නියම කර ඇතත් වෙළෙඳ පොළේ බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවුහු කියති. 20 February 2023
නාවික හමුදාවෙන් කඩොලාන පැළ තවානක් නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානයේ ස්ථාපිත කළ කඩොලාන පැළ තවාන උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරල් ප්‍රසාද් කාරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) විවෘත කළේය. 20 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026