’’ණයගත් ව්‍යවසායකයන්ට උපරිම සහන දෙන්න’’ පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 28 September 2022
සභාපති ධූර නොදුන්නොත් විපක්ෂය ගන්න යන අලුත්ම තීරණය කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට දෙන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නැති හෙයින් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වෙන අනෙකුත් කමිටු රැස්වීම්වලට සහභාගිවීමේදී දෙවරක් සිතීමට සිදුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 28 September 2022
තඹුත්තේගම කොල්ලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි තඹුත්තේගම ප්‍රදේශයේදී සිදුවූ කෝටි දෙකක මුදල් මංකොල්ලයට සම්බන්ධ යැයි අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය. 28 September 2022
කෝටි දෙකක කේරළ ගංජා මන්නාරමින් අල්ලයි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 150 ක තොගයක් සමඟ පුද්ගලයන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 September 2022
වන නිලධරයාගෙන් වන ඇමතිට අලි ගැන පාඩමක් පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ ’’සුරංගි’’ ඇතින්නට උපන් නිවුන් පැටවුන් දෙදෙනා බලන්නට වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගියේය. 28 September 2022
තොටලඟ වත්ත අවුරුදු එකහමාරක් තුළ තුන් වරක් ගිනි අරං පසුගිය වසර එකහමාර ඇතුළත කජීමා වත්ත නිවාස පෙළ ගිනි ගැනීමට ලක්වුනේ තුන්වැනි වතාවට බව එම ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා පැවසීය. 28 September 2022
ලංකාවේ ළමයාගේ වයස වැඩි කරන්න යයි ශ්‍රී ලංකාවේ ළමයකු ලෙස හඳුන්වන්නන්ගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවල සඳහන් වේ. 28 September 2022
දිනකට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙක් බඩගින්නේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම,පෝෂ්‍යදායි ආහාර නොගැනීම සහ ආහාර ණයට ගැනීම වැනි ආහාර පදනම් කර ගත් ක්‍රියාමාර් ග වලට යොමුව ඇතැයි ලෝක ආහාර වැඩසටහන පවසයි. 28 September 2022
ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් ජාතික රෝහල ඉදිරිපිට අද (28) පැවැත්විය. 28 September 2022
තොට ලඟ ගින්න ගැන හොයන්න කමිටුවක් මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිනි ගැනීම සම්බන්ධයෙන් සෙවීමට කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය. 28 September 2022
ජනපති ජපන් අගමැති සහ අධිරාජයා හමුවෙයි ජපාන සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ජපාන අධිරාජයා හමුවී සාකච්ඡා පැවැත්වීය. 28 September 2022
පුතුගේ උදලු පහරින් පියා මරුට: මව රෝහලට හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් උදැල්ලකින් සහ පිහියකින් පහරදුන්නැයි තුවාල ලැබූ පියකු මියගොස් මව රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි. 28 September 2022
රට පනින්න හැදූ 6ක් තලෙමන්නාරමෙන් අල්ලයි නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකරන පුද්ගලයන් 6 දෙනෙකු තලෙමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය. 28 September 2022
ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අල්ලයි කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට ඉකුත් ජුලි 09 දින බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 September 2022
වන අලි එලවන්න වසරකට මිලියන 2800 ක් වැයවෙයි වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 28 September 2022
කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පැල්පත් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. 28 September 2022
’’ආමි සුරංග’’ ගිනි අවියක් සමග අත්අඩංගුවට පිස්තෝලයක් සමග පැදියකින් ගමන් කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ’’ආමි සුරංග’’ නැමැත්තා සහ ඔහුගේ ගෝලයකු මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 28 September 2022
අද වැස්ස ගැන කාලගුණය කියූ දේ සබරගමුව පළාතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 September 2022
ඉන්දියාවේ නිදහස දිනය නිව්යෝක් හි සමරයි ඉන්දියාවේ නිදහසේ අභිමානවත් 75 වන වසර සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ 77වන සැසිවාරය අතරතුර දී පැවැත්විණ. 28 September 2022
චීන ජනාධිපති යළි ජනතාව අතරේ හමුදා කුමන්ත්රණයකින් පසු, නිවාස අඩස්සියට පත් කළේ යැයි පැවැසුණු චීන ජනාධිපති ෂී ජින්පින් යළි ජනතාව අතරට ගියේය. ඒ, බෙයිජීං අගනුවර ප්‍රදර්ශනයක් විවෘත කරමින්, ඊට සහභාගී වෙමිනි. 28 September 2022
ඉතාලි අගමැති ධුරයට කාන්තාවක් සති අන්තයේ පැවැත් වුණු ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවුණු අතර, එම සන්ධානයට නායකත්වය දුන් ‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි. 28 September 2022
සින්ඩි මැකේන් - ජුලී චන්ග් දළදා සමිඳු වැද පුතා ගනිති රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා තානාපති සින්ඩි මැකේන් මහත්මිය අද (27) ලෝක සංචාරක දිනයේදී දළදා සමිඳු වැඳ පුදා ගැනීමට පැමිණියාය. 27 September 2022
ගින්නෙන් විපතට පත් සැමට කඩිනමින් සහන දෙන්න තොට ලඟ කජීමාවත්ත මහල් නිවාසයේ ඇති වූ ගින්නෙන් විපතට පත් වූවන්ට අවශ්‍ය සියලු සහන සලසන ලෙසත්, ගින්න මැඩ පැවැත්වීමටත් කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ. 27 September 2022
ව්‍යාපාරිකයාගේ ගෙට පැන කෝටි 2 ක රන්බඩු-විදෙස් මුදල් සොරාගෙන පිළියන්දල මකුලුදූව කෝටිපති ව්‍යාපාරික නිවසකින් අද (27) දහවල් රුපියල් කෝටි දෙකකට අධික වටිනා වටිනාකම රන් භාණ්ඩ සහ විදේශ මුදල් තොගයක් සොරාගෙන ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි 27 September 2022
කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ගින්නක් කොළඹ, තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීර්ණයේ විශාල ගින්නක් අද (27) පස්වරුවේ හටගත් බවත් ගින්න නිවීමට ගිනිනිවන හමුවා ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පැවසීය. 27 September 2022
පාඩු ලැබීමෙන් හෝටල්- සංචාරක නිකේතන දහදාහක් වැහිලා ආහාර ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ මිල අහස උසට ඉහළ යෑමෙන් පාඩු ලැබීම නිසා රටපුරා තරු මට්ටමේ හෝටල් ,විලා , ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති සහ කෑගලු දිස්ත්‍රික් හෝටල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය. 27 September 2022
අලුත් චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් නිලධාරීන්ට වැඩ වරදී රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 27 September 2022
රාජ්‍ය මූල්‍ය කළමණාකරණ බලය තියෙන්නේ පාර් ලිෙම්න්තුවට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය මූල්‍ය කළමණාකරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ඒ පිළිබදව මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණය බලයක් නොමැති බවත් නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (27) ප්‍රකාශ කළේය. 27 September 2022
රූල් ඇතුළේ අකුරු නොලිව්වැයි ගුරුවරිය දරුවකුට පහරදීලා දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හත් හැවිරිදි දරුවකුට පන්තිභාර ගුරුවරිය රූල් තුළ අකුරු නො ලියූ බව පවසමින් පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ පියා වන මංජුල කුමාර රත්නායක මහතා පොලිසියට ළමාරක්ෂක අධිකාරියට සහ අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර ඇත. 27 September 2022
ජනාධිපති ජපන් මිතුරාට සමු දෙයි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර් ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය. 27 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026