(විමල් කීරිති)

සීදූව විජය කුමාරතුංග  රෝහලේ පවතින ප්‍රතිජීවක ඖෂධ හිඟය නිසා බාහිර රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීම නවත්වන ලෙස රෝහල් අධ්‍යක්ෂ ඩී.සී.ඒ. රණවීර මහතා රෝහලේ වෛද්‍යවරන් සහ හෙද කාර්ය මණ්ඩලය ලිඛිතව උපදෙස් දී ඇත.

ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ට, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්ට, වෛද්‍ය නිලධාරීන්ට, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ට හෙද සොයුරියන්ට සහ සායන බාර අංශ ප්‍රධාන හෙද නිලධාරන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව  උපදෙස් දී ඇත.

ඒ අනුව මැයි පළමුවැනි දා සිට  ක්‍රියාත්මක වන පිරිදි  බාහිර රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ  නිකුත් නොකරන බවත් ප්‍රතිජිවක අවශ්‍ය රෝගීන්ට එම ඖෂධ බාහිර ඖෂධහල්වලින්  මිලදී ගැනීම සඳහා අදාල බෙහෙත් වට්ටෝරුව නිකුත් කරන ලෙස උපදෙස් දී ඇත.