
(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන (24) සදුදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ප්‍රකාශ ලබා ගැනීම සඳහා නීතිපතිවරයා දින දෙකකදී ඉකුත් (19) දින සහ අද (21) ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා තිබුණද එ් මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වා එහි පැමිණ තිබුණේ නැත.
මේ සම්බන්ධයෙන් තෙවන වතාවටත් ත්‍රස්තවාදය විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට හිටපු නීතිපතිවරයාට දැනුම් දෙන බවත් එම දැනුම්දීම අනුව එ් මහතා පෙනී නොසිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දප්පුල ලිවේරා මහතාගෙන් ප්‍රකාශ ගැනීම නොවෙයි කළයුතු වන්නේ... එතුමා කී දේවල් ගැන පරීක්ෂණ කොට සත්‍ය සොයාගැනීම තමයි කළයුතුව තිබෙන්නේ. එතුමා කී දෙයෙහි සත්‍ය සොයා බැලීමට කටයුතු නොකොට ප්‍රකාශ ගනිමින් ප්‍රශ්නය කල් යැවීම ගැන අපට ඇතිවන්නේ මහා පුදුමයකි...
ගොඩක් හොඳයි... දැන් ඇත්ත කියන්න...