(ඉන්දිකා රාමනායක)

තල්මසුන්ගෙන් ලබා ගන්නා මිළ අධික අම්බර් (තල්මස් වමනය) කිලෝ 15 ට ආසන්න ප්‍රමාණයක් පන්නිපිටිය නියදගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මේවායේ වටිනාකම රුපියල් කෝටි 05 ට අධික බව විශේෂ කාර්ය බළකාය පවසයි. තල්මසුන්ගෙන් ලබා ගන්නා අම්බර් මිළ අධික බවත්, ඒවා බෝහෝ රටවල මිළ අධික සුවඳ නිශ්පාදනය කිරීම සදහා යොදා ගන්නා බවද විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු (31) හැවිරිදි මීගොඩ පුද්ගලයකු බවත්, ඔහු සහ අම්බර් තොගය වැඩිදුර පරීක්ෂණ සදහා හෝමාගම පොලිසියට බාර දී ඇත.