(විමුක්ති එස් රුද්‍රිගු)
දේශීය ණය හිමියන්ට සිය ණය ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවස්ථාව ලබා දීමේ ශ්‍රී ලංකාවේ සැලැස්ම පිළිගෙන ඇත්තේ කීපදෙනකු පමණක් බව බ්ලූම්බර්ග් පුවත් සේවය පෙන්වා දී ඇත.
ඉන් තම ප්‍රාග්ධනයට බලපෑමක් එල්ල වේවී යැයි ශ්‍රී ලංකාවේ බැංකු කණසල්ලෙන් පසුවන බව එම පුවත් සේවය වාර්තා කර ඇත.ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය මුදවා ගැනීමේ මෙහෙයුම ප්‍රමාදයකට ලක්වීමේ අවදානමක් තිබෙන බව බ්ලූම්බර්ග් පුවත් සේවය පෙන්වා දී ඇත.
කොමාර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව ඇතුලු මෙරට ප්‍රධාන ඇතැම් දේශීය ණය හිමියන් අනතුරු අඟවා ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සිදුවන පාඩු පියවා ගැනීමට බැංකු වලට වැඩි මුදලක් වෙන්කිරීමට සිදුවීම හේතුවෙන් ප්‍රාග්ධනයට බලපෑමක් එල්ල විය හැකි බවයි.
ඩොලර් බැඳුම්කර හේතුවෙන් දැනටමත් බැංකු පද්ධතියට බලපෑමක් එල්ල වී ඇතැයි කොමාර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප්‍රකාශ කර ඇත. බැංකු ද්‍රවශීලතාවය සහ ව්‍යවස්ථාපිත හේතූන් මත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ලබා ගන්නා බවත් එයද කප්පාදුවකට ලක්වුවහොත් බැංකු පද්ධතියට ඔරොත්තු දීමේ හැකියාවේ නැතිවීමේ අවදානමක් මතු විය හැකි බවත් මනතුංග මහතා පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ශ්‍රී ලංකාවේ දේශීය ණයෙහි වටිනාකම පසුගිය වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 38 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd