(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 49.2 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස මෙරට උද්ධමනය සියයට 4.4 කින් පහල ගොස් තිබේ.
එසේම ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 42.3 ක් ලෙස සඳහන් වේ. එය පෙබරවාරි මසට සාපේක්ෂව සියයට 6.7 ක පහළ යාමකි. මාර්තු මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 54.9 ක් ලෙස සටහන් වන අතර පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 2.5 කින් පහළ ගොස් ඇත.
මාර්තු මස සියයට 49.2 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 18.9 කින්ද ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 30.3 කින්ද දායකත්වය ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ආර්ථිකයක් මේක... සේවාවල්, නිෂ්පාදන මුකුත් වැඩි නොකර, කිසිම ආදායමක් නැතිව, ණයවලින්ම උද්දමනය අඩුවුණා. මාර දියුණුවක් තියෙන්නේ. මේවා ඉතින් ලංකාවෙම විතරයි. මෙහෙම මෝඩයින් තමයි ඉන්නේ.