
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මාස කිපයක විවාහය එපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු මැරයින් පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ හලාවත මානුවන්ගම ප්‍රදේශයෙ මව්පියන්ගේ නිවසේ සිටි 18 හැවිරිදි විවාහක කාන්තාවක් බව පොලිසිය පවසයි.
අදාල පැහැර ගැනිම ඉකුත් 19 දින උදැසන සිදුව ඇති අතර එම පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාවගෙ විවාහක සැමියා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත මැරයින් පිරිසක් පැමින ඇති බව පරික්ෂණ වලදි හෙළිව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මෙම පැහැර ගැනිමට ලක්වු තරුණිය හලාවත ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය හදාරමින් සිටියදී උපකාරක පංති වලට සහභාගි වෙමින් සිටියදී හදුනා ගත් තරුණයකු සමග හාද කමක් පවත්වා ඇති බවත් ඒ අනුව මව්පියන්ට හොර රහසේ දඹුල්ල ප්‍රදේශයෙ එම තරුණයා සමග නිවසට හොර රහසේ පැන ගොස් තිබු බව කියයි.
කෙසේ නමුත් මෙම තරුණයා සමග විවාහ වී ඇති මෙම තරුණිය මාස කිපයක් පමනක් එකට දිවි ගෙවා ඇති නමුත් පසුව විවාහ වු 19 හැවිරිදි තරුණ සැමියා විසින් සිදුකළ හිරිහැර ඉවසා ගත නොහැකිව ඇති බව කියයි.
තමන් පත්ව ඇති තත්වය පිළිබදව පසුව කඩිනමින් මව්පියන්ට දැනුවත් කර ඇති අතර ඔවුන් ලබා දුන් උපදෙස් මත පසුගිය මාර්තු 20 දින විවාහක සැමියා සමග මහනුවර නගරයට පැමින ඇති බවත් එයින් පසු සැමියාට සැක නොසිතන ලෙස මගහැර මව්පියන් සමග ආපසු හලාවත මානුවන්ගම නිවසට පැමිණි ඇති බව පැවසෙයි.
එසේ මව්පියන්ගේ නිවසේ රැදි සිටියදී අදාල විවාහක සැමියා තවත් පිරිසක් සමග වෑන් රථයකින් පැමින තම විවාහක බිරිද බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
එම පැහැර ගැනිම සිදුවන අවස්ථාවේදි මෙම තරුණ කාන්තාවගෙ මව පමනක් නිවසේ සිට ඇති බවත් ඇයටද මෙම පිරිස පහර දී තරුණිය විලාප තබා කෑගසන විට පැහැර ගැනිම සිදුව ඇති බව කියයි.
පැහැර ගැනිමට පැමිනි සැමියා හා අනිකුත් පිරිස හා පැහැර ගත් තරුණ කාන්තාව සොයා හලාවත මුලස්ථාන පොලිසිය මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් යු ගමගෙ මහතාගෙ උපදෙස් මත හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු .ඩි.එස් .පද්මකුමාර මහතා ඇතුළු පොලිස් නිළධාරින් කණ්ඩායමක් මේ වන විට අදාල පැහැර ගැනිම සම්බන්ධව පරික්ෂණ අරඹා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනට ගොතපු කතාවක්... ආපු මැර කණ්ඩායමේ කැමරා කාරයෙකුත් ඉඳලා තියෙනවා...
තාම වයස 18 යි. උසස්පෙළ කරලත් නෑ. මේවා හොඳ පුවත් තරුණ ගැහැණු ළමයින්ට... හරියට තේරුම් ගන්න බැරුව එක එක පිරිමි වේශයෙන් ඉන්න අසත්පුරුෂයින්ට රැවටිලා දෙමාපියන්ටත් හොරෙන් ජීවිත විනාශ කරගන්නවා...!
උපකාරක පන්ති වලට සහභාගි වෙමින් සිටියදී හඳුනාගත් තරුණයකු සමග හාදකමක් පවත්වා ඇති බවත් ඒ අනුව මව්පියන්ට හොර රහසේ... දෙමව්පියන්ට ගින්දර දීලා ඒ අයට බොරු කරලා, සිත් රිදවලා කරන දේවල් මේ ලෝකේ හරියන්නේ නෑ නෑමයි. මේ වගේ විඳවන්න වෙනවාමයි.
එදත් මෙවැනි දේ සිදුවුණා... ඒත් අද වගේ ප්‍රසිද්ධියත් ලැබුණේ නෑ. අපේ නොමග යන තරුණ පරපුරට මේවා හොඳ පාඩම්....
මේ අයගේ ප්‍රේම කතාවේ දුෂ්ඨයත් කොල්ලාමයි. ඔහොම යනකොට කොල්ලා යාළුවොත් එක්කරගෙන එයි ගෙදර…
සුද්දන් ඉන්න රටවල වගේ ප්‍රසිද්ධියට කරපු වැඩක්...
බොළඳ පාසල් ප්‍රේමය කී දවසකින් නිමාවට පත්වුණාද? ඕවා හොඳපාඩම් අනාගත පරපුරට...
අම්මලා, තාත්තලාට වැඩිය පෙම්කරන එකා ලොකුවෙලා, විශ්වාස කරලා හොරෙන්ම පැනලා යනවා. ඔය ආදරේ නෑ අරන් ගිහින් සතියයි, දෙකයි. පස්සේ ඉතිං අර ගිනි ගොඩක් දීලා ආපු දෙමව්පියන්ගේ පිහිට හොයාගෙන ගෙදර එන්න වෙනවා. ආවේ නැත්තත් දුක් විඳගෙනම ඉන්න වෙනවා.තමන්ට යමක් ලැබෙනකන් ඒ දේට හරිම කැමතියි, ආදරෙයි. ලැබුනට පස්සේ ඒ කැමැත්ත, ආදරේ නෑ. හැම දේටම මේක පොදුයි. ලැබුන දෙයක් ගැන හැමදාම සතුටු වෙන කෙනෙක් හොයාගන්න අමාරුයි. නොලැබුන දේටයි වඩා කැමති. මොළේ තියෙනවනම් මේවා දැකලා දෙමව්පියන්ට දුක් නොදී, ඒ අයට බොරු නොකර හැදියල්ලා...
උතුරා ගැලූ ගඟුලක් අද වියළිලා...
ධර්මයට අනුව ජීවත් වෙනවා නම් මෙහෙම වෙන්නේ නෑ...