(යොහාන් භාසුර)
උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැදුනුම්පත ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය.
ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත, ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැදුනුම්පතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බව ද කී සපුතන්ත්‍රි මහතා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටියට අනුව ඒ සඳහා කටයුතු කළ හැකි බව ද සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකිය.
ඒ සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් හොර ඡන්ද දැමීමට පහසුවක් වෙනවා. මම අත් දැකීමෙන් කියන්නේ මම රාජ්‍ය සේවයේ සිටියදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක කටයුතු කළා. රත්මලානෙ කෙනෙක් එදිනට සතියකට පෙර ගත් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළා. පදිංචි සහතික බලද්දී වසර දහයක් ඉක්මවා රත්නපුර දිස්ත්‍රික්කයේ යකුදාගොඩ පදිංචි බවට ග්‍රාම නිලධාරි සහතිකයක් පෙරදින නිකුත්කර තිබුණා. ඉල්ලා ඇති සහතික අතර අදාල කොට්ඨාසයේ උපත ලියාපදිංචි නැහැ කියන සහතිකය ගැනීම එතරම් ගැටලුවක් නොවෙයි. උදාහරණයක් හැටියට අනුරාධපුර උපන් කෙනෙක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපන් බවට ඉල්ලුවාම ලියාපදිංචි නැහැ කියලා සහතික ලැබෙනවා. ඒක පිළිගන්න පුළුවන්ද? වංචාකරුවන් එහෙම දේවල් කරන බව අපි දැකලා තියෙනවා. කොහොම වුණත් මේක එතරම් සුදුසු දෙයක් නොවෙයි කියන්න පුළුවන්...
උප්පැන්න නැහැ...