(සනත් ගමගේ)

වෙල්යායක ඉපනැල්ලට තැබූ ගින්දර නිවීමට එහි ගිය ගොවියකු ගින්නට හසුවීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.

ගින්දර නිවීමට එහි ගිය හැට හත් හැවිරිදි දෙදරු පියකු මෙලෙස ගින්නට හසුවී පිලිස්සීමෙන් මියගොස් තිබේ.

ලුනම පදිංචි වීරසිංහ පට්ටිය ගමගේ ප්‍රේමදාස යන අය මෙලෙස ගින්නට හසු වී මිය ගොස් තිබේ.

ලුනම වැව යටතේ වගා කෙරෙන කුඹුරුයාය ඉපනැල්ලට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර එම කුඹුරු යායේ ම තවත් කොටසක මුන් ඇට වගාව ආරම්භ කර ඇති හෙයින් මුන් ඇට වගාව ට ගින්න හසු වේ යැයි සිතා තවත් පුද්ගලයකු මියගිය අයගේ නිවසට පැමිණ කිහිප වතාවක් ගින්න නිවන ලෙසට දන්වා ඇත. ඒ අනුව ගිනිගත් වෙල්යායට ගිය මෙම පුද්ගලයා ගින්න නිවීමට උත්සාහ දැරීමේදී ගින්නට හසුවී පිලිස්සීමෙන්මියගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය පරීක්ෂණ පවත්වති .