
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය.
එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, විශිෂ්ඨතම ව්‍යාපාරිකයන් 40 දෙනකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති "බිස්නස් ටුඩේ" සම්මාන උළෙල අමතමිනි.
ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගැයීමට ලක් කෙරෙන මෙම සම්මාන උළෙල බිස්නස් ටුඩේ සගරාව විසින් වාර්ෂිකව සංවිධානය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd