
රුසියානු ප්‍රහාරක ජෙට් යානාවක් අත් වැරදීමකින් යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
යුක්රේන දේශ සීමාව ආසන්නයේ තිබෙන බෙල්ගොරොඩ් නගරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරය හේතුවෙන් ඇති වූ පිපිරීමෙන් බෙල්ගොරොඩ් නගරයේ ගොඩනැගිලි වලට හානි වී ඇති බවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් රුසියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.
එස්යූ-34 සූපර් සොනික් ප්‍රහාරක ජෙට් යානාවක් බෙල්ගොරොඩ් නගරයට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී අත් වැරදීමකින් බෝම්බයක් මුදා හැර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබේ.නමුත් අත් වැරදීමකින් මුදා හරින ලද බෝම්බය පිළිබඳ වැඩිදුර තොරතුරු රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය වෙත ලබා දී නොමැත.
බෝම්බය පතිත වීමෙන් මීටර් 20 ක් අවාටයක්ද නගරයේ සැදී ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
595
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි..., මෝඩ රුසියන් ගුවන් නියමුවන්...
රුසියාවේ අවසානය...!