
(රංජන් කස්තුරි)
වතුකම්කරුවන් දෛනික නෙලන තේ දළු ප්‍රමාණය මත ඔවුන්ට වැටුප් ලබාදීම හෙවත්‘‘ඵලදායිතාව මත පදනම් වූ වැටුප් ක්‍රමය‘‘ ක්‍රියාත්මක කළ හොත් කම්කරුවකුට දිනකට රුපියල් 3000ක වැටුපක් ලබාගත හැකි යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව වතුකම්කරුවකුට දෛනිකව නොලන දළු ප්‍රමාණය වැඩි කරගන්නේ නම් ඔවුන්ට මාසයකට රුපියල් 50,000 ඉක්මවූ වැටුපක් ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා වැවැලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රෝෂාන් රාජදුරෙයි මහතා පැවැසීය.
මේ වන විට වතුකම්කරුවක්ට ලැබෙන්නේ දිනකට රුපියල් 1000ක වැටුපක් වන අතර එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වැවිලි සමාගම් පිළිගන්නා බව ද එම නිසා පළදායිතාවය මත පදනම් වූ වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජයත් වතු වෘත්තීය සමිතිත් සහාය ලබාදිය යුතු බව ද රාජදුරෙයි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd